එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම නිමිත්තෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ත්‍රිකුණාමල වරායේ තෙල් ටැංකි සංවර්ධනය කිරීම සඳහා වූ යෝජනා ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳවද සාකච්ඡා කිරීමට නියමිත ය. එක්සත් ජාතීන්ගේ වෙසක් සැමරුම නැරඹීම සඳහා මෝදි මහතා මැයි 12 වැනි දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ය. ඔහු දින දෙකක් ශ්‍රී ලංකාවේ සිටිනු ඇත.
මෙම සංචාරය මෝදි මහතාගේ දෙවැනි ශ්‍රී ලංකා සංචාරයයි. මෝදි මහතා ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුව පත්වී මාස දෙකකින් පසු 2015 මාර්තු මාසයේදී මෙරට සංචාරයක නිරත විය.එම සංචාරය ඉන්දියානු අගමැතිවරයකු වසර 28 කට පසු මෙරට සංචාරයක නිරත වූ ප්‍රථම අවස්ථාව විය. දැනගන්නට ලැබෙන තොරතුරු අනුව මෝදි මහතා දෙවරක් සංචාරය කරන ලද එකම අසල්වාසී රටද ශ්‍රී ලංකාවයි.
මේ වන විට ත්‍රිකුණාමලය වරායේ ඉහළ තෙල් ටැංකි පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා දෙපාර්ශවය සාකච්ඡා ආරම්භ කර තිබේ.එම සංවර්ධන කටයුතු ලංකා ඉන්දියානු තෙල් සමාගම සමග ඒකාබද්ධ ව්‍යාපෘතියක් යටතේ කෙරෙනු ඇත. 2003දී අත්සන් කර ඇති ගිවිසුමක් යටතේ එම ඉන්දියානු තෙල් සමාගම මේ වන විටත් තෙල් ටැංකියේ කොටසක් භාවිත කරයි.
ඉන්දියානු අගමැතිවරයාගේ එම සංචාරයට පෙර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡා සඳහා නවදිල්ලිය බලා යාමට නියමිතය.තම සමාගම පහළ තෙල් ටැංකි සංකීර්ණය අලුත්වැඩියා කර ඇති බව ලංකා ඉන්දියානු තෙල් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ ශ්‍යාම් බෝරා මහතා කීවේය. එමෙන්ම ඉහළ තෙල් ටැංකි සංකීර්ණය අලුත්වැඩියා කිරීමට ශ්‍රී ලංකා රජයේ අවසරය ලැබෙන තෙක් සිටි බවද ඒ මහතා පැවසීය.
“ඉහළ තෙල් ටැංකි සංකීර්ණය අලුත්වැඩියා කිරීම සඳහා පසුගිය අවුරුදු කිහිපයේදි අප සමාගම ශ්‍රී ලංකා රජයට යෝජනා ඉදිරිපත් කළා.නමුත් ඒ කිසිවක් අනුමත වූයේ නැහැ. නමුත් දැන් රාජ්‍ය මට්ටමෙන් තිරණය වෙලා තියෙනවා මෙම ව්‍යාපෘතිය ඒකාබද්ධ ව්‍යාපතියක් ලෙස කිරීමට. ඒ සඳහා ඉන්දියානු රජය හා ශ්‍රී ලංකා රජය අතර සාකච්ඡා පැවැත්වෙනවා.“යැයිද ශ්‍යාම් බෝරා මහතා කීවේය.
COMMENTS
මෝදි වෙසක් එකට එනව කිව්වට එන්නෙ හරියට "දඹුලුත් ගිහිල්ල තල ගොයියොත් මරා ගන්න වගේනේ"
අපේ ගේ මාසෙට රුපියල් දාහකට කුළියට දීලා, කුළියට ගත්ත කෙනාගෙන් ආයේ අපිම එක්දහස් එකසීයකට කුළියට ගන්නවවගේ වැඩක් තමයි මේ. මෝදිලා වගේ අය එන්නෙම නැතිනම් තමයි හොඳ. නමුත් අපේ කට්ටිය එහෙටම ගිහින්නේ දෙන්නේ. දකුණ චීනෙටම දුන්නා, නැගෙනහිර ඉන්දියාවට, තව පැත්තක් අරාබියට, ඇමරිකාවට, මොනවද මේවයින් වෙන වාසිය රටේ සාමාන්‍ය ජනතාවට. දැනෙන වාසියක් නැහැ. නමුත් මහබැංකු වාර්තාව එළියට ආවම පේනවා ඉලක්කම් වගයක් විතරක්. ඒවත් ඕන එක්කෙනෙක්ට ඕනෑම විදිහකට විග්‍රහ කරගන්න පුළුවන්. අවසානයේ අපි අපේ රටේම "නිදහස් වහල්ලු" වෙනවා. මේවා පිටරටට නොදී කරගන්න බැරි තරම් මහාපරිමානේ වියාපෘති නෙමෙයි. අපේ දැනුමෙන් කරගන්න පුළුවන් ඒවා. නමුත් ලොකු අය වකුටුවෙනකොට පොඩි අපි ඉබේම වකුට්ටෝ වෙනවා.
මේ ටැංකි වල තියෙන්නේ පොල්තෙල් මගේ හිතේ වෙසක් උත්සවයට පහන් පත්තු කරන හැටි කතාකරන්න තමයි මෙයා ලංකාවට එන්නේ.....
රටම විකුනපන් ඉන්දියාවට කාලකන්නි ආණ්ඩුව
ඔය සාකච්චා කරාට කමක් නැහැ. රටට අවාසි වෙන කිසිම ගිවිසුමකට අත්සන් තැබීමට තරම් ශ්‍රී ලංකා රජය නිවට වෙන්න නම් එපා. ඒ වගේම පසුගිය රජය සමයේ ගසාගත් තෙල් ටැංකි ගිවිසුමට අනුව ඉන්දියන් සමාගම විසින් මෙතෙක් නොගෙවා තිබෙන රුපියල් කෝටි ගණන පොළී සහිතව ඉක්මනින් ලබාගැනීමටත් අගමැති මෝදී මැදිහත් කරවා ගත යුතු වෙනවා.
ඔය පාන්නේ බලල මල්ලෙන් එලියට. මෙඋන් එන්නේ වෙසක් සමරන්න නෙමෙඉ, තෙල් ටැංකි ටිකේ ගනුදෙනුවට. JR ජයවර්දන අනාගත්තෙත් ඔය තෙල් ටැංකි ඇමෙරිකාවට දෙන්න ගිහිල්ල. මුන්ට මේ රට විකුනනවා ඇරෙන්න කරන්න දෙයක් ඇත්තෙම නැහැනේ හැබැටම.
වෙනදා එනකොට අර කෑ මොරදෙන තමිල්නාඩු ය දැන් එහෙම කරන්නේ නැට්ටේ සංහිදියාව නිසාද එහෙම නැත්තම් තෙල් ටැංකි ටික ඔවුනට ලැබෙන නිසාද
මෝදි එන්නෙ දඹුලුත් ගොහින් තලගොයියොත් මරා ගන්න වගේ
තෙල් ටැංකි වලින් වැඩක් ගන්නේ නැතිනම් කුලියට දුන්නාම මක්ක වෙනවාද ? කවුරුත් මේවා තියා වරායක් වත් විකුනන්නේ නැහැ නේ...
යහපලානේ.