(විනීතා එම් ගමගේ)
කඳුකරයේ කොටි මදුගසා මරා දත් නිය ඇතුළු කොටස් අලෙවිකිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වෙමින් පවතින බව පෙනී යන්නේ යැයි පරිසරවේදීහු චෝදනා කරති.
මෑත භාගයේ මෙම ජාවාරම වැඩිවෙමින් පවතිතැයි පෙනීයන බවත් පසුගිය මාස කිහිපය තිස්සේ මදුගසා කොටි මරාගැනීමේ සිද්ධීන් රාශියක් වාර්තා වූ අතර එසේ වාර්තා නොවී හොර රහසේ කරන ලද දඩයම් ප්‍රමාණය කිසිසේත් වාර්තා නොවී පවතිනු ඇති බවත් ඒවා දන්නේ දඩයක්කරු පමණක් විය හැකි බවත් පරිසරවේදියකු මෙන්ම සත්ව සංරක්ෂකවරයකු ද වන රුක්ෂන් ජයවර්ධන මහතා පැවසීය
මේ අනුව දැනට පවතින දත්තවල වලංගුභාවය පිළිබඳ විශ්වසනීයත්වයක් නැතැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.
මධ්‍ය කඳුකරයේ දී මදුවලට අසුවී සිටින කොටි මුදාගැනීමේ දී මියයන්නට හේතුව ඒ සඳහා පැමිණෙන නිලධාරින් අදාල ස්ථානයට ළගාවීම ප්‍රමාදවීම බවත් වහා පිළියම් යෙදිය යුත්තේ ඒ සඳහා බවත් ජයවර්ධන මහතා කීය.
වහ වහා වනජීවී කාර්යාලයක් මධ්‍ය කඳුකරයේ ආරම්භ විය යුතු බවත් එහි පශූ වෛද්‍ය අංශයේ නිලධාරින් ඇතුළු මනා පුහුණුවක් ඇති කුඩා කණ්ඩායමක් සිටිය යුතු බවත් පෙන්වා දුන් ඒ මහතා එම කණ්ඩායම ක්ෂණික ප්‍රතිචාර දැක්විමට සූදානමින් සිටිය යුතු බවත් පැවැසීය.
වනසත්ව ගහණයේ කොටියා වැනි සුවිශේෂී සතුන් රැකගන්නට නම් ඉහත කී කරුණු ගැන වහා අවධානය යොමු විය යුතු බවත් පය බරවායට පිටිකර බෙහෙත් බැඳීම කිසිසේත්ම නොගැලපෙන බවත් ඔහු කියා සිටියේය.
මෙම කරුණු සම්බන්ධව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට තමන්ට අවස්ථාවක් ලදහොත් එය සිදුකරන බවත් මේ වනතුරුත් එවැනි අවස්ථාවක් නොලැබුණු බවත් ජයවර්ධන මහතා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළු කොටියා ඇතුළු දිවියන් තුන්, හතර දෙනෙක් පහුගිය සති කිහිපයේ අපිට නැතිවුණා. එ්ත් කෝ මේ විෂය භාර ඇමති? හැමදේටම ජනාධිපතිතුමා මැදිහත් වෙනවා නම් විෂය භාර ඇමතිලා පත් කරන්නේ මොකටද?
වනජීවී නිලධාරීන් සම්බන්ධයෙන්ද සැකයක් ඇත.
ඔන්න.. වැඩේ දැන් දැන් එළිවීගෙන එනවා. කොටිදත් ගන්නයි එහෙනම් කොටින් මරන්නේ... වනජීවී ඒක නාකිබල්ලන් කොළඹ යනවා වගේ යනකොට කොටින්ව මරලා දත් ටිකත් ගලවලා, මස් ටිකයි, හමයි හංගලාත් ඉවරයි. හරි අපූරු වනජීවී එක. හරිම අපූරුයි. මෙයාටත් කරන්න තියෙන්නේ, අර බන්ධනාගාරෙ වැඩේ වගේ ප්‍රතිසංවිධානයක් කරන්න. මේක ඇතුලේත්, බන්ධනාගාරෙ වගේ අය ඉන්නවද දන්නෙත් නැහැ. නැතිනම් මේවා මේ විදිහට වේවිද? ඒ කෙසේ වෙතත් මේ ගැන රටේ පරිසර හිතකාමී ජනතාව අවදි බුද්ධියෙන් සිටීම වැදගත්. නැතිනම් මේ වතුවල සිටින මස් වැද්දන් අපේ වන සතුන් ටික මේ රටෙන් තුරන් කරාවි...
කලිනුත් කිවුවා ඔය ගැන. වනජීවිය ක්‍රියාත්මක වනවා අඩුයි. ඔවුන්ගේ ගැටලු ඇත්නම් විසඳා දී වනජීවි නිලධාරින් මීට වඩා ප්‍රාණවත් කළ යුතුයි. ඔවුන් කරන්නේ හුදෙක් පඩි ගන්නා රැකියාවක් පමණක් නොවන බවත් පරිසරය කෙරෙහි ආදරය කරුණාව දැක්විය යුතු බවටත් ආකල්පමය සංවර්ධනයක් ඇතිවිය යුතුයි.
මේ කොරෝනා කාල සිමාව ඇතුලත විතරක් ශ්‍රී ලංකාවට ආවේනික දිවියන් කී දෙනෙක් දඩයක්කරුවන් අටවපු උගුල් වලට අහුවෙලා අපේ රටට අහිමි උනාද ? අර කළු දිවියා ලංකාවේ හිටපු එකම එක ඒ ජාතියේ දිවියා. ඒ සතාත් අපිට අහිමවූනා.