(එම් .සුසිල් ප්‍රියන්ත)
මත් කුඩු කිලෝ එකහමාරක් යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටි අයෙකු අද (1) අලුයම් කාලයේදි අම්බලන්ගොඩ තිලකපුර ප්‍රදේශයේදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය කොට්ඨාස විශේෂ විමර්ෂණ ඒකකය කියයි.

අත් අඩංගුවට ගැණුනු මේ මත් කුඩු තොගය රුපියල් කෝටි එකහමාරක් පමණ වටිනා බවද පොලීසිය කියයි.
මේ මත් කුඩු තොගය ගාලු දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ හිටපු සභාපති හැලඹගේ ප්‍රේමසිරි මහතාගේ ඝාතනය ඇතුළු ඝාතන රැසක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පාතාල දසුනා නමැත්තා විසින් මෙහෙයවනු ලබන මත් කුඩු ජාවාරමක ඒවා බවද පොලීසිය කියයි.
අත් අඩංගුවට ගත් මත් කුඩු තොගය හා සැකකරු වැඩිදුර පරීක්ෂණ සදහා එම ඒකකය විසින් අම්බලන්ගොඩ පොලීසියට භාරදී ඇත.
COMMENTS