සුජිත් හේවාජුලිගේ සහ ඩයනා උදයංගනී
පාර්ලිමේන්තුවේ කටයුතු වලට බාධා කරමින් මැතිසබයේ නොහික්මුණු ලෙස හැසිරුණු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කරන්නැයි ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක රාජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී අද (04) කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.
රාජ්‍ය ඇමතිවරයා මේ බව පැවසුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමිනි. අජිත් පී.පෙරේරා මහතා එම වරප්‍රසාද ප්‍රශ්නය මතු කරමින් මෙසේද කීය.
‘‘විමල් වීරවංශ ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ මේ සභාවේ කතානායකවරයාට බැන තර්ජනය කරමින් නොහික්මුණු ලෙස හැසිරුණා.මේ නිසා සභාවේ කටයුතු අත්හිටුවීමට සිදුවීමෙන් දස ලක්ෂ ගණනක මුදලක් රටට අහිමි වුණා.ස්ථාවර නියෝග වලට පටහැනිව කළ මේ ක්‍රියාව නිසා මේ සභාවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගේම වරප්‍රසාද උල්ලංඝනය වුණා.
මෙය බරපතළ තත්ත්වයක්. මේ නිසා වහාම වරප්‍රසාද කමිටුව කැඳවා සාක්ෂි විමසා අදාළ මන්ත්‍රීවරුන්ට විරුද්ධව විනයානුකූලව කටයුතු කරනවා.අද සමහර මන්ත්‍රීවරුන් බියක් නැතුව මේ ආකාරයට හැසිරෙනවා යැයිද අජිත් පී.පෙරේරා මහතා කීය.‘‘
COMMENTS
මෙවැනි අවස්ථාවකවත් කතානායකවරයා විනය ක්‍රියා මාර්ග ගනිතැයි සිතමි.
එතකොට විජයකලා මහේෂ්වරන්ට විනය පරීක්ෂණයක් ඕනේ නැත්ද ?
පාර්ලිමේන්තුවෙන් දිනපතාම සත්වෝද්‍යානයක් වගේ. හැමෝම කෑගහලා සටන් කරනවා. පළමුවෙන්ම ත්‍රස්තවාදය අවුලුවාලූ කාන්තාවට එරෙහිව පියවර ගන්න. ඊට පස්සේ අනිත් අයට විරුද්ධව කටයුතු කරන්න.
මෙවැනි හැසිරීම් ඔවුන් මහජන නියෝජිතයින් ලෙස තෝරා යැවූ ඡන්දදායකයින්ද මෝඩයන් වීමක් ලෙස අවමන් ලැබීමට පහසු කරවන්නක් වුවද , ඔහුගේ බුද්ධිමය කිර්තිය අහිමි වෙතයි සිතා මොවුන්ට දඩුවම් නොකළ යුතු නැත. උත්තරීතර ආයතනයක මේ හැසිරීම රටම අපහසුවකට පත් කරවයි. මහජන නියෝජිතයින් නවීන අදහස්වලින් යුත් උණුසුම් ආදරණිය මිනිසුන් විය යුතුය.
රටකට කොන්ද පන ඇති ස්වාධින ජනපති කෙනෙක් ස්වාධින අගමැතිකෙනෙක් හා පාර්ලිමෙන්තුවට කොන්ද පන ඇති ස්වාධින කතානායකයෙක් සිටිනවනමි ඔවුන් ඝෘජු තිරණ ගන්නවා. නැති එකයි ප්‍රශ්නය............