IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මැතිවරණ දිනය කල් යාමට හේතු සඳුදා අධිකරණයට ඉදිරිපත් කරන බව මැතිවරණ කොමිසම දන්වයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

මැතිවරණය නියමිත පරිදි පැවැත්වීමට නොහැකිවීම හා ඊට බලපාන හේතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ලබන සදුදා (01) දීර්ඝ වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු  දක්වන බව මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා අද (29) ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ලට දැනුම් දුන්නේය.
 
මැතිවරණයට අදාළව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මේ වනවිට මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කර ඇති බවත් , එම මාර්ගෝපදේශන මාලාවට යටත්ව මැතිවරණය පැවැත්වීම කල් යැම සිදුවන ආකාරය සම්බන්ධයෙන් තමන් මැතිවරණ කොමිසම වෙනුවෙන් කරුණු දැක්වීමට අපේක්ෂා කරන බවද ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කියා සිටියේය.
 
ජුනි මස 20 වනදා මහ මැතිවරණය පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලමින් ගොනු කර ඇති පෙපෙත්සම් (29) නව වන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීම  සිදු වූ අතර අගවිනිසුරු ජයන්ත ජයසූරිය,  බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ,  ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැදවිණි.
 
එම පෙත්සම්වල වගඋත්තරකාර මැතිවරණ කොමිසම , එහි සභාපති හා සාමාජිකයින් දෙදෙනා වෙනුවෙන් එක් නීතීඥවරයෙකුට පමණක් කරුණු දැක්වීමට ⁣පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ අනුමැති හිමි වූ අතර ඒ අනුව ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පමණක් මැතිවරණ කොමිසම වෙනුවෙන් කරුණු දක්වනු ඇත.මීට පෙර පෙත්සමේ වගඋත්තරකරුවකු වනු මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් මහතා වෙනුවෙන් නීතීඥ අස්තික දේවේන්ද්‍ර මහතා පෙනී සිට කරුණු දැක්වීය.
 
අතරමැදි පෙත්සම් වෙනුවෙන් සියලුම කරුණු දැක්වීම් අද ( 29) අවසන් විණි.
 
මූලික අයිතිවාසිකම් පෙත්සම්  සහ අතරමැදි පෙත්සම් දසවන දිනයටත් සලකා බැලීම ලබන සඳුදා ( ජුනි 01) තෙක් කල් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) නියම කළේය.
 



අදහස් (2)

මැතිවරණ දිනය කල් යාමට හේතු සඳුදා අධිකරණයට ඉදිරිපත් කරන බව මැතිවරණ කොමිසම දන්වයි

Puppa Friday, 29 May 2020 12:24 PM

තිලංග සුමතිපාලගේ නඩුවක් ඇහුව නේද නිවාඩු දවසක...?

:       0       0

Don Friday, 29 May 2020 04:28 PM

මැකොට පුළුවන් අංක ගණිතයෙන්ම උත්තර දෙන්න. අප්‍රේල් 20 දා මැතිවරණයට දින නියම කරනවිට ආසාධිතයන් ගණන 268 යි. දින 39 කට පස්සේ අද දින ගණන 1540 යි. පරීක්ෂණ ගණන කොහොම වුණත් දිනකට ආසාධිතයන් 32 කට වැඩි ගණනක් වාර්තාවන නිසා සහ සියලුම විශේෂ වූ රෝහල් පිරී ගොස් ඇති බවත් උසාවියේදී පෙන්වන්න. එ්ත් තේරෙන්නේ නැත්නම් හුටා තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 257 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site