IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මැතිවරණ කොමිෂන් සභාවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

(බිඟුන් මේනක ගමගේ )
 
 මැතිවරණ කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස සමන් ශ්‍රී රත්නායක මහතා පත්කර ඇත.


  හිටපු අධ්‍යක්ෂ ජනරාල් එම්.එම් මොහොමඩ් මහතා සේවයෙන් විශ්‍රාම යෑමෙන් පුරප්පාඩු වූ ධූරයට සමන් ශ්‍රී රත්නායක මහතා පත්කර ඇති අතර ඔහු ඊට පෙර අතිරේක මැතිවරණ කොමසාරිස් (පාලන හා පළාත් පාලන) වශයෙන් කටයුතු කළේය.
 
 සමන් ශ්‍රී රත්නායක මහතා මැතිවරණ කොමිෂන් සභාව යටතේ පත් වූ සිව් වැනි අධ්‍යක්ෂ ජනරාල්වරයා වන අතර ඔහු අද(11) තම ධුරයේ වැඩ බාරගත්තේය. 
 
 සේවයෙන් විශ්‍රාම ගිය එම්.එම් මොහොමඞ් මහතා මැතිවරණ කොමිෂන් සභාවටත් ඊට පෙර පැවැති මැතිවරණ දෙපාර්තමේන්තුවටත් කළ සේවය අනුස්මරණීය යැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ලංකාදීපයට කීය.
 
 සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම එක සමාන ලෙස කටයුතු කිරීමේ දුලභ හැකියාව නිසා මොහොමඞ් මහතා මැතිවරණ දෙපාර්තමේන්තුවේ තීරණාත්මක හා කාර්යබහුල අවස්ථාවලදී විශාල වශයෙන් මැදිහත්වීම් කළ අයකු යැයි ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
 
 1992 දී මොණරාගල සහකාර මැතිවරණ කොමසාරිස් හැටියට පත් වූ එම්.එම් මොහොමඞ් මහතා ඉන්පසුව බදුල්ල හා ගම්පහ දිස්ත්‍රික්වල එම තනතුරේද 2007 සිට නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් (ගම්පහ), 2010 සිට නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්(පාලන) හා 2014 සිට අතිරේක මැතිවරණ කොමසාරිස් (නීති හා විමර්ශන) යන තනතුරු හොබවා ඇති අතර 2018 වසරේදී මැතිවරණ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත්ව ඇත.
 



අදහස් (2)

මැතිවරණ කොමිෂන් සභාවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

විමලාවතී Monday, 11 March 2019 10:24 AM

කවුරු පත් වුණත් තවම මැතිවරණ නෑනේ.

:       2       58

ananda matha Monday, 11 March 2019 11:43 AM

ආනන්දේ කොල්ලෙක් තමයි පත් වුනේ

:       15       33

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 699 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site