IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මැතිවරණයට එරෙහි පෙත්සම් හෙට - අනිද්දා අධිකරණය හමුවට

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

මහ මැතිවරණය ලබන ජුනි 20 වැනිදා  පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය බලරහිත කරන්නැයි ඉල්ලා ගොන  කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම්  පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ හෙට  (18) සහ අනිද්දා (19) දෙදින  සලකා බැලීමට නියමිතව ඇත.
 
ඒ අනුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන මහත්වරුන් මෙම පංච පුද්ගල  විනිසුරු මඩුල්ලේ සාමාජිකයින් ලෙස කටයුතු කරනු ලබති.
 
නීතීඥ චරිත ගුණරත්න , රාවය හිටපු කර්තෘ සහ ප්‍රවීන මාධ්‍යවේදී විකටර් අයිවන් මහතා ඇතුළු හත් දෙනෙක් , විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂක ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු ,  සමගි ජන බලවේගයේ මහලේකම් හා හිටපු අමාත්‍ය  රංජිත් මද්දුමබණ්ඩාර , ජාතික හෙළ උරුමයේ නායක හා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ නව ලංකා නිදහස් පක්ෂයේ නායක හා හිටපු අමාත්‍ය  කුමාර වෙල්ගම යන් මහත්වරුන්  ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතක් මේ දෙදින පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලේ.
 
 ජාතික වැදගත්කමින් යුතු පෙත්සම් වන බැවින් මෙම පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලන්නැයි පෙත්සම්කාර පාර්ශව කළ ඉල්ලීම සලකා බලමින් මෙම පෙත්සම් සලකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කිරීමට ඉකුත් 14 වැනිදා අගවිනිසුරුවරයා තීරණය කළේය .

මෙම පෙත්සම් වල  වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම ,එහි සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු  සාමාජිකයින් වන  ජනාධිපති නීතිඥ එන්.ජේ. අබේසේකර, මහාචාර්ය රත්නජීවන් හූල් , ජනාධිපති  ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.
 
එසේම ජුනි මස 20 වනදා පැවැත්වීමට අදාළව මැතිවරණ  කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කොට එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන  ලෙස පෙත්සම්කරුවන් සිය පෙත්සම් වලින් ඉල්ලා තිබිණි.
 
කො⁣රෝනා රෝග ව්‍යාප්තිය තුළ ජූනි 20'වැනිදා මහමැතිවරණයක් කැඳවා ඇති බව තමන්ට දැන ගන්නට ලැබූ බවය.ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් ඉකුත්දා 2072/3 දරණ අති විශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත් කරනු ලැබ ඇති බවද පෙත්සම්කරුවෝ සිය පෙත්සම් වලින් කියා සිටිති.

ඉකුත්  මාර්තු මස පාර්ලිමේන්තු ව විසුරුවා හැරීමෙන් පසු නව පාර්ලිමේන්තු  මන්ත්‍රී වරුන් තෝරා ගැනීමට මැතිවරණය අප්‍රේල් මස  පැවැත්වීමට  නියමිතව තිබූ ණි. එහෙත් කෝවිඩ්  වසංගත ය පැතිරී ඇති නිසා එදින මැතිවරණ පැවැත්වීමට නොහැකි බව සදහන් කරමින් මැතිවරණය ලබන ජූනි මස පැවැත්වීමට  මැතිවරණ කොමිසම විසින්  තීරණයකරන ලදී. 

පාර්ලිමේන්තු ව විසුරුවා හැරීම කල  දිනයේ සිට  මාස තුනක් තුළ නව පාර්ලිමේන්තුව සදහා  මැතිවරණය  පැවැත්විය යුතු අතරඑසේ  නොකිරීම  නීතිවිරෝධී  බව  කියමින් මෙම පෙත්සම්  ගොනු කර තිබුණි. 
 
එමගින්  මූලික අයිතිවාසිකම් උල්ලංඝණය  වන බව ද පෙත්සමේ සඳහන්  කර තිබේ. 

එබැවින්  මෙම මැතිවරණය ජූනි මාසයේ   පැවැත්වීමට අදාළ ව නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන ලෙසද ඉල්ලා තිබිණි.

එසේම මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට එරෙහිව,  නියමිත පරිදි මැතිවරණය පවත්වන්නැයි ඉල්ලා පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි , අචාර්ය ගුණදාස අමරසේකර , නීතීඥ ප්‍රේම්නාත් සී.දොළවත්ත , ව්‍යාපාරිකයකු වන සම්පත් මෙරිඤ්ඤගේ ඇතුළු 11 දෙනෙකු ගොනු කර අතරමැදි පෙත්සම්ද අද (18) ⁣පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැදවීමට නියමිතය .

 

 



අදහස් (0)

මැතිවරණයට එරෙහි පෙත්සම් හෙට - අනිද්දා අධිකරණය හමුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 76 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site