(අනීෂා මානගේ)
මාතර - කතරගම දුම්රිය ව්‍යාපෘතියේ පළමු අදියර වන මාතර සිට බෙලිඅත්ත දක්වා වන කොටස අද (08) ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
ආරාධිත අමුත්තන් රැගත් දුම්රිය පෙරවරු 10.00ට පමණ බෙලිඅත්ත දුම්රිය ස්ථානයට ළගා වූ අතර මෙය දැක බලාගැනීමට ජනතාව විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
ජනතාව අතර ඇති වූ තදබදය හේතුවෙන් බෙලිඅත්ත දුම්රිය ස්ථානයේදී පීත්ත පටිය කපා දුම්රිය ස්ථානය විවෘත කිරීමට, පැමිණ සිටි ආරාධිත අමුත්තන් හට අවස්ථාව නොලැබිණි.
ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, හිටපු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා, හිටපු කතානායක චමල් රාජපක්ෂ, හිටපු අමාත්‍ය මහින්ද අමරවීර, ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි සහ දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහත්වරු ඇතුළු විශාල පිරිසක් මේ සඳහා එක්වූහ.
බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන්ගේ ප්‍රණාමය ලෙස සඳහන් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත බැනරයක් නව දුම්රිය බෙලිඅත්ත දුම්රිය ස්ථානයට පැමිණි පසු පිරිසක් විසින් දුම්රිය ඉදිරිපස සවි කළේය.







COMMENTS
ඇයි මෙහෙම තවමත් මහින්ද මහත්තයව නෝන්ඩි කරන්නේ විකාර බැනර් ගහලා.
බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති හිතන්නේ මෙහෙම බැනර් එක්කක් ගැහුවම තමන් වගේ ලොක්කෙක් තව නැහැ කියල. මේකෙන් රවටන්නේ මහින්ද රාජපක්ෂ මිස වෙන කිසිවෙක් නොවේ.
වසර දෙකකට පෙර මේ ගමන එන්න තිබුණේ.... කොහොම උනත් දෙගොල්ලන්ටම සුභ පතමු.
දුම්රිය පොදු දේපලක්. එහි දේශපාලකයන්ගේ බැනර් ප්‍රදර්ශනය නොකළ යුතුයි.
කොයිකාලේයේ හැදුවත් ඒ නමින් වැඩක් නැහැ මේකට වියදම් කල මුදල් මහජනයාගේ මුදල් මිසක් ඔවුන්ගේ පුද්ගලික වස්තු නොවේ
අපේ රට්ටට දේශපාලකයන්ගෙන් තොර අනාගතයක් නැද්ද ?
මට හිතා ගන්න බැරි, ලෝකෙන් උතුම් රටේ මෙච්චර බත්බැලයෝ ඉන්නේ කොහොමද කියලා?
මහින්ද රාජපක්ෂගේ පරාජයට හේතු උනේ මෙවන් අය ළඟතබා ගැනීම.
2014 දී මෛත්‍රී මහින්දගෙන් ආප්ප කාලා සද්ද නැතුව එළියට ආවා. එ්කෙන් පාඩමක් ඉගැන්නුවේ.. නැතුව ආයිත් 2018 ඔක්තෝබර් වලදී බහුතර නැතුව අගමැති ධුරය ගත්තු මෛත්‍රීටම සහ මුළු ලොකේටම නෝන්ඩි වුණා. දැන් මෙතන කරන තවත් නාඩගමක්. මේවා මහින්ද මහත්තයාට නවත්තන්න තිබුණා.
මේකේ එක දේශපාලකයෙක්ගේවත් පොටෝ දාන්න ඕනෑ නැහැ.
අර නැගලා ඉන්නේ කොහෙද? හොදට බලන්න. පොදු දේපල ආරක්ෂා කරන්නේ මෙහෙමද?
අර්ජුන රණතුංග මහත්මාගේ නිහතමානීකම. 1996 වගේ සියලු දෙනාම එකතු කරගෙන (පක්ෂ විපක්ෂ) මේ කටයුත්ත විවෘත කිරීම ගැන අගය කරමි.
මහින්ද මහත්මයා පරාජය වී ගෙදර යනවිට බාගෙට වැඩ අවසන් කල දුම්රිය මාර්ගය අකුලාගෙන මැදමුලනට ගියේද නැත . මේ රජය පලිගැනීම සදහා සම්පූර්ණයෙන් අවලංගු කලේද නැත. ප්‍රමාද කර හෝ එය අවසන්කර මහජනතාවට බුක්තිවිදිමට සැලසීම අගය කලයුතුය වියයුත්තේ මොන ආණ්ඩු ආවත් සංවර්ධන කටයුතු අඛන්ඩව ඉදිරයට ගෙනයාමට වගබලාගතයුතුයි. හොදිම උදාහරනය මේ දිනවල විදුලි අර්බුදය මේ කොයි ව්‍යාපෘතියටත් වැය කරන්නේ මහජන මුදල්ය හමෝටම බදු මුදල් ගෙවන ජනතාවගේ ස්තුතිය
බැනර් ගැහිල්ලෙන් තේරෙනවා ඒ ගොල්ලෝ කොච්චර බංකොලොත් වෙලාද කියලා. ඔය බැනර් එකේ තියෙන කතාවම තමා ඒ ගොල්ලෝ රට පුරාම ගම්දනව් වලත් කියාගෙන යන්නේ... ඒක ඡන්ද දායකයින් රවටා ගැනීමට යොදාගන්නා හොඳම උපායමාර්ගයක්... ඒ ගැන අනිත් පැත්තේ නිදාගෙන ඉන්න ඈයෝ හිතුවොත් හොඳයි. නැත්තන් ඉතින් මොන සංවර්ධනය කළත් හුප්පේ තමයි. ඊළඟ "කංකාරිය" බලන්න පුළුවන් නෙලුම් කුළුණ අරින දවසට....
"රාජපක්ෂ පවුලට ඉස්සෙල්ලත් ශ්‍රී ලංකාවක් තිබුණා මතකයි..!!! රාජපක්ෂලාට පස්සෙත් ශ්‍රී ලංකාවක් තියන බව නොඅනුමානයි..!!! "" හිටපු එකා හිටියා.. ගිය එකා ..ගියා. මැරිච්ච එකා මලා...!!! එ්ත් අපේ රට ජීවත් වෙන්න ඕනේ ... ඉදිරියට යන්න ඕනේ .
සංවර්ධන වැඩ කරන්නේ ජනතා මුදලින් බව කියන්න ඕනේ නැහැ. නමුත් යම්කිසි වැඩක් කරන්න පටන් ගැනීම එය අවසානය වෙනකම් කරන්න නායකත්වයක් අවශ්‍යයි. සැලසුම් අමාත්‍යංශයේ වැඩි ප්‍රමාණයක් වැඩ කලේ මහින්ද මහත්තයාගේ කාලයේ. නමුත් මේ ආණ්ඩුව එම සංවර්ධන වැඩ බොහොමයක් නැවැත්තුවා... හොඳම උදාහරණය සැලසුම් අමාත්‍යාංශය විසින් සැලසුම් කළ සාම්පූර් බලාගාරය ඉදිකිරීම නැවතීම. දිනෙන්දින ඉල්ලුම ඉහළ යන විදුලියට කළ දෙයක් නැත.
මගේනම් අදහස මේ මාර්ගය රට වටේ යාහැකි පරිදි ඉදී කිරීමයි. කාටද මේක කරන්න පුළුවන්?
අපේ ගමේ එක්තරා ප්‍රදේශයකට එක්සත් ජාතික පක්ෂ කාලයේ පාරක් කැපුවා. පාර ටිකක් දුර කරගෙන යද්දී රජ්‍ය පෙරලුනේය.. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයක් බිහිවිය. අර පළමුව කපපු පාර වෙනුවට උන් වෙනත් තැනකින් පාරක් නැවත අාරම්භ කලේ එක්සත් ජාතික පක්ෂ පාරවල් අපට එපා කියායි. පර ඉබිගමනින් ටික දුරක් ගොස් ඉඩම් විනාශකරමින් සිටියා මිස කෙරුණු වැඩක් නැත. දැන් මේ ගම හරහා පාරවල් දෙකකි. නැවත එජාප රජයක් බිහිවිය. පළමු පාර නැවත පටන් ගත්තේය. වැඩ නිමකළේය. මිනිස් ප්‍රයෝජනයට ගත්තේය. විදුලිය පවා දුන්නේය. පාර ඉතාමත් ප්‍රයෝජනවත් විය. තවත් කතාවකි. නිදහස් පක්ෂ රජයකින්... වෙනත් ගමකට සැතපුම් 2ක් දුර බස් රථයක් දැම්මේ අප ගෙවල් ළඟ සිටයි. රාජ්‍ය පෙරලුනේය. එජාප රජයක් පැමිණුනේය. ඔවුන් පාර ඉදිරියටම කරගෙන ගොස් බස් රථය තවත් ඉදිරියට ගෙන ගොස් සියලුම වැඩ නිමකළේය. මෙම පාර ඉතාමත් අාදායම් උපයන ප්‍රදේශ රැසකට ප්‍රයෝජනවත් වී ඇත. විදුලිය පවා දී ඇත. මේ සිදුවීම් දෙක වුනේ මම කුඩා කලදීය. එජාපය ගැනම පැහැදුනේය.
මාතර - කතරගම දුම්රිය මාර්ගය අතිගරු ප්‍රේමදාස ශ්‍රීමතාණන්ගේ සංකල්පයක් වන අතර එහි වැඩ කටයුතු ආරම්භ වූයේ 90' දශකයේ මුලදී පමණ මාර්ගයට ඉඩම් අත්පත් කරගැනීමේ කාර්යයට අත ගැසීමෙනි. 94 ආණ්ඩු මාරු වුණා. අර රැජන ආවා. වැඩේ කොට උඩ තිබ්බා. ඊට පස්සේ ම.රා. මැතිඳුගේ කාලේ තිබ්බ කොට අයින් කරලා වැඩේ ආයි පටන් ගත්තා. යහපාලන රජය වැඩේ සම්පූර්ණ කළා. අපේ "කූල් මාස්ටර්" අන්තිම මොහොතේ ගත්ත මල්වට්ටිය අතට... ඒක හොඳයි. ඒ මල් වට්ටියට අත ගහන්න අපේ සජිත් ඇමතිතුමාටත් ආරාධනා කළානං කොච්චර වටිනවද තාත්තා සිහි වෙන්න. "කූල් මාස්ටර්" ට "කුහක" චිත්තය පහල වුණා වද්ද? අනේ මන්ද?
ඇයි මෙහෙම තවමත් මහින්ද මහත්තයව නෝන්ඩි කරන්නේ විකාර බැනර් ගහලා...
බැනර් එක ගැහැව්වේ ආණ්ඩුවේ සල්ලි වලින්ද? රාජපක්ෂ දුම්රිය සේවය කියල දාමුද? ජනතාව ණයවෙලා හදන පොදු දේට රාජපක්ෂගේ නම ගෙන විකාර නටනවා.