IMG-LOGO

2024 සැප්තැම්බර් මස 15 වන ඉරිදා


මංතීරු නීතිය කැඩුවොත් දඩය 2000 යි

(ඉන්දිකා රාමනායක)

කොළඹ නගරයේ රථ වාහන තදබදය අවම කිරීම සඳහා පොලිසිය විසින් හඳුන්වා දී ඇති  නව  මංතීරු නීතිය  සම්බන්ධයෙන්  ලබන සදුදා (21)   දින සිට තදින්ම  ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය  හා තොරතුරු තාක්ෂණ බාර නියෝජ්‍ය පොලිස්පති ලාල් සෙනවිරත්න මහතා අද  (16)  පැවසීය.

මෙම නීතිය සම්බන්ධයෙන්  රියදුරන් දැනුවත් කිරීමේ පර්යේෂණත්මක අවදිය මේ දිනවල ක්‍රියාත්මක වන බවත්    ඉදිරි දින දෙක තුළත් එම පෙරහුරු එලෙසින්ම ක්‍රියාත්මක  බවද ලාල් සෙනවිරත්න මහතා කියා සිටියේය.

ලබන සදුදා සිට කොළඹ දිස්ත්‍රික්කය තුළ මෙම මංතීරු නීතිය ක්‍රියාත්මක වන බවත් රියදුරන් මෙම නීතිය සඳහා අනුගත විය යුතු බවත්  හෙතෙම කියා සිටියේය.

මෙම නීතිය කඩකරන රියදුරන්ට රුපියල්  2000 ක දඩයක් හෝ  අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඒ සඳහා නියමිත දඩුවම් නියම වන බවද   නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

නියෝජ්‍ය පොලිස්පති  ලාල් සෙනවිරත්න මහතා මේ බව ප්‍රකාශ කළේ පොලිස් මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදීය.

කොළඹ නගරයේ පවතින රථවාහන තදබදය අවම කර ගමන් පහසුව උපරිම ලෙස සලසා ගැනීමට පොලිසියට සහයක් දක්වන ලෙසට මහජනයාගෙන් ඉල්ලා සිටින බවත්  හෙතෙම කීය.

ජනතාවගේ  සුබ සිද්ධිය වෙනුවෙන් වැඩි පොලිස් නිලධාරීන් පිරිසක් මාර්ගයට යොදවා පොලිසිය සිදුකරන උත්සහය මහජනයාගේ හිතසුව පිණිස  සිදුකරන බවත්  ලකුණු කර ඇති ස්ථාන වල දී බස්  රථ මංතීරුව බස් රථ සඳහාත්, ලකුණු කර නොමැති ස්ථාන  වලදී  වම් තීරුව  බස් රථ සඳහා භාවිතා කරන ලෙසට  රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය.

යතුරු පැදි හා  ත්‍රීරෝද රථ සඳහා පාරේ වම්පස තීරුව පමණක් භාවිතා කරන ලෙසට ද  රියදුරන්ගෙන්  ඉල්ලා සිටින බවද    නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය.

ඇතැම් මාර්ගවල වම් පස මංතීරු දෙකක් ඇති බවත්  ඇතැම් මාර්ගවල  වම්පස මංතීරු තුනක් ඇති බවත්  මෙම සියලු මංතීරුවල වම්පස මංතීරුව භාවිතා කරන ලෙසට   රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා  පැවසීය.

මුල්  දිනවල  මෙම පෙරහුව වෙනුවෙන්   යම්  වාහන තදබදයක් හටගෙන කිබුණ ද  රියදුරන්  මේ වෙනස් වීම හුරු වු පසු  නගරයේ තදබදය අවම කර ගැනීමට හැකි වනු ඇති බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට   රථවාහන හා මාර්ග ආරක්ෂාව බාර  නියෝජ්‍ය පොලිස්පති  සුමිත් නිශ්ශංක සහ එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා ද සහභාගිවිය.

 

 

 

 

 



අදහස් (10)

මංතීරු නීතිය කැඩුවොත් දඩය 2000 යි

magiya Thursday, 17 September 2020 03:40 AM

මගීන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සපයාදීම ද කලයුතුය.

:       0       0

විජේ Thursday, 17 September 2020 03:53 AM

රට හදන්න කලින් මිනිස්සු තමන්ගේ විනය චුට්ටක් වැඩිදියුණු කරගන්න ඕනේ. තරාතිරම නොබලා සාධාරණ ලෙස නීතිය ක්‍රියාත්මක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

:       0       0

BamunuarachchiSaturday, 19 September 2020 11:49 AM

හරියට හරි.. සිංගප්පූරු ජාතිකයන් ඔය තත්වයට ගෙන ආවා නම් මේ මිනිස්සු හදන්න බැරිකමක් නැහැ. අර කියන ඒකාධිපති පාලන ක්‍රමය අවශ්‍යයි.

:       0       0

lanka Thursday, 17 September 2020 04:41 AM

මෙය තදබදය අවම කිරීමක් නොවේ... වැඩි කිරිල්ලකි. බස් නොමැති නිසා ගෙවල්වල තිබෙන වාහන මාර්ගයට දැමීමකි.

:       0       0

BamunuarachchiSaturday, 19 September 2020 11:44 AM

හලෝ, ලංකාවේ විරක් නෙවෙයි, කාර්යාල වේලාවට මාර්ග තදබදය තියෙන්නේ. කටාර්වල සමහර තැන්වල තිබෙන්නේ වටරවුම් වල වමෙන් එන වාහන වලට ඉඩදීමේ නීතිය අකුරටම පිළිපදින නිසා පොලිස් මහත්මයෙක් නොසිටින අවස්ථාවල මම විනාඩි 7ක් 8ක් බලාගෙන ඉන්නවා අවස්ථාව ලැබෙන තුරු අනික් පැත්තට යන්න. මෙහි තදබදය මාර්ග නීති පිළි නොපැදීම නිසා ත්‍රි රෝද රථ සහ මෝටර් සයිකල් කරුවන් නිසාත් ඇතිවන දෙයක්...

:       0       0

malakamihira1515@gmail,com Thursday, 17 September 2020 05:03 AM

සැපයි නේද.?

:       0       0

BamunuarachchiSaturday, 19 September 2020 11:39 AM

අපෙන්ද අහන්නේ? මොකක්ද ප්‍රශ්නය..? මාර්ග නිති පිළිපදින්න බැරිකමද? එහෙමනම් හලෝ පයින් යන්න. ඒක වරද්දා ගත්තොත් දඩ ගහන්නේ නැහැ. මෝචරියේ නවතින්න පුළුවන්..

:       0       0

wiky Thursday, 17 September 2020 05:14 AM

බස් ත්‍රීවීල් බයික් මේකට තදින්ම විරුද්ධ වෙන්න ඕනි,

:       0       0

BamunuarachchiSaturday, 19 September 2020 11:46 AM

අපි ත්‍රී වීල්, බයික් පාරට දානවට විරුද්ධයි..., රට සිංගප්පූරුවක් වගේ කරන්න නම්.. බයික්, ත්‍රීවීලර් ප්‍රධාන පාරෙන් ඉවත් කරන්න.

:       0       0

warnasinghe Thursday, 17 September 2020 08:14 AM

එතකොට දකුණට හරවා යායුතු අය යන්නේ කොහොමද? විශේෂයෙන්ම අතුරු මගකට දකුණටහරවන අය සහ කලාතුරකින් කොළඹට එන අය..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බඩෝවිට වෙඩි තැබීමක්
2024 සැප්තැම්බර් මස 15 48 0

ගල්කිස්ස බඩෝවිට හතරවන අදියර නිවසක සිටි පුද්ගලයකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු ගෙන් අයකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.


සජිත්ගේ රැලියට නැග්ග මානගේට ‘ගුවන’ තහනම්
2024 සැප්තැම්බර් මස 15 71 0

මාතර තංගල්ල සහ ඒ අවට ප්‍රදේශවල පැවැති සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රැස්වීම්වලට සහභාගි වී කතා පැවැත්වූ හිටපු


බංගලි ඇඟළුම්හල් යළි අරී
2024 සැප්තැම්බර් මස 15 539 0

බංග්ලාදේශයේ ඇඟලුම් අංශය ගැඹුරු අර්බුදයකට ඇද වැටෙන ලකුණු පෙන්නුම් කරමින් පසුගියදා අශුලියා නගරයේ වසා දැමුණු ඇඟලුම් කම්හල් 219 න් 20 ක් හැර අනෙකුත් සියලුම


යුරෝපා තානපති නිලධාරීන්ට මැතිවරණ නීරීක්ෂණය බෑ
2024 සැප්තැම්බර් මස 15 717 0

මෙරට යුරෝපා සංගමයේ තානාපති කාර්යාලවල සිටින රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ලබන 21 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වෙන අවස්ථාවේදී මැතිවරණ කොමිසමේ නිරීක්ෂණ කණ්ඩායමට


නව ජනපති හමුවන්න අයි.එම්.කණ්ඩායමක් සූදානම්
2024 සැප්තැම්බර් මස 15 479 0

ජනාධිපතිවරණය අවසන්වී සති දෙකකට පසුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන් කණ්ඩායමක් මෙරටට පැමිණීමට නියමිත බව මුදල් අමාත්‍යංශ නිලධාරියෙක් පැවැසීය.


‘‘පුංචි ජන්දය හැකි ඉක්මනින්ම තියනවා‘‘
2024 සැප්තැම්බර් මස 15 344 0

මැතිවරණ කල්යාම ජනතාවගේ ඡන්ද අයිතියට හානියක් බවත් ඒ නිසා අධිකරණ තීන්දුව අනුව කටයුතු කරමින් පළාත් පාලන මැතිවරණය ඉක්මනින් පවත්වන බවත් මැතිවරණ කොමසාරිස


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 51 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2110 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 974 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site