IMG-LOGO

මෛත්‍රීට-මහින්දට ජීවිත තර්ජන ඇතැයි කී ඉන්දියානුවා මානසික රෝගියෙක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ ශිරන්ති රාජපක්‍ෂ යන මහත්ම මහත්මීන්ට ජීවිත තර්ජනයක් ඇතැයි රහස් පොලිසියට කී ඉන්දියානු ජාතිකයා 2000 වසරේ සිට මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන පුද්ගලයකු බව අනාවරණය වී ඇතැයි කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවැසීය.

මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ එම ප්‍රකාශකයා මෙසේ ද කීය.

“ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ දේශපාලන නායකයන්ගේ ජීවිතවලට තර්ජන ඇති බව ඉන්දීය ජාතිකයකු පවසා ඇති බවටත් ඔහු ශ්‍රී ලංකා පොලිසියේ සිටින බවටත් පළ වූ මාධ්‍ය වාර්තා අපේ අවධානයට යොමුවුණා.

මේ සම්බන්ධයෙන් අපි දැඩි අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා බලධාරීන් අපට දුන් සීමිත තොරතුරු පදනම් කරගනිමින් ඒ පුද්ගලයා පිළිබඳව පසුබිම් තොරතුරු සොයන්නැයි අපේ රටේ බලධාරීන්ට වහාම දැනුම් දුන්නා. ඒ අනුව සිදුකළ පරීක්‍ෂණයේදී මොහු 2000 වසරේ සිට මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන පුද්ගලයකු බව අනාවරණය වී තිබෙනවා. අපි මේ තොරතුරු ශ්‍රී ලංකා බලධාරීන්ට දැනුම් දී තිබෙනවා. ඒ වගේම මේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ සහ වෘත්තීය පරීක්‍ෂණයක් කිරීමට අපි අපේ උපරිම සහයෝගය ලබා දෙනවා.” යැයි ද ඔහු කීය.

 



අදහස් (18)

මෛත්‍රීට-මහින්දට ජීවිත තර්ජන ඇතැයි කී ඉන්දියානුවා මානසික රෝගියෙක්

feroz Thursday, 27 September 2018 05:36 AM

මට මුලින්ම හිතුනා.

:       6       107

ධනුෂ්ක Thursday, 27 September 2018 05:42 AM

ලංකාවේ දේශපාලනයට හා අාර්ථිකයට ඉන්දියාව කෙලින්ම හා වක්‍රාකාරයෙන් මැදිහත් වෙනවා. ඒ නිසා මෙවන් තත්වයන් තුල අවධානයෙන් කටයුතු කළ යුතුයි. මොකද ලංකාව තුල නිෂ්පාදන අාර්ථිකක් අැති වී, වී සංවර්ධනය වීමට අවස්ථාවක් කිසි ලෙසින් ඉඩ තබන්නේ නැත. කෝටි 150ක් පමණ වන ඉන්දියානු ජනතාව නඩත්තු කරන්නේ පිට රටවලට ඔවුන්ගේ නිෂ්පාදන අලවි කිරීමෙන්. එහිදී කෝටි දෙකක් වුනත් ලංකාව ඔවුන්ට හොඳ වෙළඳපලක්. අැත්ත වශයෙන්ම අපි කෝටි දෙකක් ඉන්දියානුවන් නඩත්තු කරනවා. එවන් තත්වයක් තුල ඉන්දියාව අපට දියුණු වෙන්න දෙන්නේ ඔවුන්ගෙන් මිල දී ගැනීමේ හැකිව අැති පමණටය. ස්වංපෝෂිත වීමට එරෙහිව හැකි තරම් බාධක යොදනු අැත. සමහර විට ජාන තාක්ෂණය භාවිතා කර වගා විනාශ කිරීමට කෘතීමව වර්ෂාව පාලනය කිරීම පවා ඔවුනට කල හැක. මේ රටේ නිෂ්පාදන අාර්ථිකයක් අැති කිරීමට තැත් කරන අාණ්ඩුවක් පත් වූවොත් එය විනාශ කිරීම ඉන්දියානු අරමුණ වේ. විජේවීර මීට අවුරුදු 50ට කලින් මේක පෙන්වාදී තිබුනා.

:       114       580

NishanthaThursday, 27 September 2018 08:58 AM

අපේ රටේ ඉන්න බහුතරයක් ජනතාව ඔය තත්ත්වය ගැන තේරුම් ගන්නේ නැති එකයි අවුල...... හැමතාම ඉන්දියාවට ගැති ආණුඩු පත් කරගන්නවා....

:       0       84

HafeelThursday, 27 September 2018 10:31 AM

කතාව ඇත්ත. 2020 හරි ජනතාව බුද්ධිමත්ව තීන්දු තීරණ ගතයුතුමයි. මේක තමයි අවසන් අවස්ථාව.

:       0       50

Keppetipola Thursday, 27 September 2018 06:00 AM

මොහු මානසික රෝගියෙක් නම් ලංකාවට ඇවිත් කිසිම රස්සාවක් නොකර ජීවත් වෙන්න මුදල් දුන්නේ කවුද? ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලයෙන්ද? වැඩේ වැරදුනාම මොහු මානසික රෝගියෙක් කියා ප්‍රචාරය කොට ඉන්දියාව අපිව නොමග යවන්න හදනවද කියා වහාම සොයා බැලිය යුතයි.

:       113       336

vipula Thursday, 27 September 2018 06:06 AM

හොඳින් සැලසුම් කල පිටපතක් ....

:       135       283

suran Thursday, 27 September 2018 06:25 AM

මම ඉන්දීය ච්ත්‍රපටියක් බැලුවා එකේ අන්දයෝ තුන්දෙනෙක්ව පුහුණුකරලා බැංකුවක් මංකොල්ල කනවා. මේ වගේ විශේෂ ක්‍රියාවන්වලට නීතියෙන් රිංගා යාහැකි උපක්‍රම යොදා ගන්නවා. අනෙක මානසික රෝගියෙක්ව සාක්ෂි ඔස්සේ හදුනා නොගන්න තරම් අපේ රහස් පොලිසිය ලද බොලද නැහැ. කුමන්ත්‍රණයේ කොන් අහුවෙනකොට කට්ටිය කලබල වෙලා වගේ.

:       51       165

iron Thursday, 27 September 2018 06:37 AM

ඒ කතාව සම්පුර්ණ ඇත්ත ජිවිත ඇත්තේ වෙනත් අයට විය හැක .

:       0       53

MISHAL-MATARA Thursday, 27 September 2018 07:07 AM

මොනවද මේ නාටකය ....!!! අපිටත් පිස්සු වගේ

:       62       105

d.upul Thursday, 27 September 2018 07:10 AM

ඩේසි ආච්චිගේ මැණික් මල්ල වගේමයි.

:       209       131

සතයපාල Thursday, 27 September 2018 07:14 AM

මෙයා විතරක් නොවේ අනිත් එක්කෙනාගෙත් ඔලුව පරික්ෂා කරලා බැලුවා නම් හරී.

:       24       122

රවින් Thursday, 27 September 2018 07:36 AM

පසුකාලින නමසිය හැත්තෑ ගණන්වල සිට මෙරටට පැමිණි ඉන්දීය මානසික රෝගීන් මේ වගේ කොටුවුවානම් අපේ රට සාමජිය හා ආර්ථික වශයෙන් මිට වඩා සෑහෙන ප්‍රමාණයක් ඉහලින්.

:       0       8

sirimal Thursday, 27 September 2018 07:46 AM

මම නම් හිතන්නේ මේ සිද්ධිය දේශපාලන වාසියකට හරවාගන්න වලිකන කට්ටිය මේ කියන ඉන්දියානුවාටත් වැඩිය " පිස්සු ඩබල් " උන මානසික රෝගියෝ කියලයි .............

:       6       118

Raveendra Thursday, 27 September 2018 08:08 AM

අප රටේ පුරවැසියකු මෙසේ වෙනත් රටක මෙවන් සිදුවීමක් වෙනුවෙන් සැකපිට " අත්අඩංගුවට ගත්තේනම් " ඔහු මානසික රෝගියෙක් යැයි පැවසුවහොත් එ්රටේ ආරක්ෂක අංශ එසේ පිළිගන්නේද යන්න දෙවරක් නොව සිය දහස්වාරයක් සිතා බලන ලෙස අප අවංකව සිතීමට හැකියාවක් ඇති සියලුම පුරවැසියන්ගෙන් විමසීමට කැමැත්තෙමු.

:       0       107

රිෂාන් බදුල්ල Thursday, 27 September 2018 08:43 AM

එවැනි රෝගියෙක් නොවන කෙනෙක් ඔය කියන පවුලේ කට්ටිය මරන්න සැලසුම් කරයි කියල හිතන්න අමාරුයි.

:       40       79

Amila Thursday, 27 September 2018 09:35 AM

අර කියමන හරියටම හරිනේ. පිස්සෝ කලබල වුනට දොස්තර කලබල වෙන්නෙ නෑනෙ.

:       0       6

පිටිගල මිලානෝ Thursday, 27 September 2018 10:39 AM

‘රටකට ඕනෑ අපමණ අගයක්’ යන සිංදුව බස් හෝල්ට් එකේදී නිකමට කියවෙලා දෙතුන්දෙනෙක්ම මාව මරන්න වගේ බැලුවා.

:       0       21

OMG Thursday, 27 September 2018 02:11 PM

අපිත් මානසික ලෙඩ්ඩු වෙනවා අහන දකින දේවල් නිසා. ආතතිය හැදිලා තමා නවතින්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 65 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 275 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site