IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මුතුරාජවෙල කුණු තහනම දීර්ඝ කෙරේ

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

මුතුරාජවෙළ අභය භූමියට කුණු බැහැර කිරීම හෝ කුමන ආකාරයක හෝ කසල එකතු කිරීමෙන් කොළඹ මහනගර සභාව ඇතුළු බලධාරීන් වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය ලබන මස 03 වැනිදා  තෙක් තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය  අද (25)  තීන්දු කළේය.

මුතුරාජවෙළ අභය භූමියට කුණු බැහැර කිරීම , වැලි ගොඩ දැමීම , පස් කැණීම ,පිරවීම හෝ කුමන හෝ ආකාරයේ කසල රැස්කිරීම සිදු කිරීමෙන් කොළඹ මහනගර සභාව හා එහි නාගරික කොමසාරිස් ඇතුළු බලධාරීන් පිරිසක් වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම අද  කැඳවූ අවස්ථාවේදී  ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය යළිත් දීර්ඝ කළේය.

එම අභය භූමියට කුණු බැහැර කිරීම වළකාලමින් අද තෙක් ලබා දී තිබූ නියෝගය මෙලෙස අධිකරණය විසින් දීර්ඝ කරන ලදී.

මුතුරාජවෙල අභය භූමියට කසල බැහැර කිරීමට එරෙහිව වත්තල ප‍්‍රදේශවාසීන් කිහිපදෙනෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අගවිනිසුරු ප‍්‍රියසාත් ඩෙප් ,අනිල් ගුණරත්න සහ නලින් පෙරේරා යන මහත්වරුන් ගෙන යුතු ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවිණි.

කොළඹ නගරසභාව මඟින් මුතුරාජවෙල අභය භූමියට කසල බැහැර කිරීම නිසා එම ප‍්‍රදේශයේ ජීවත්වන 25,000කට අධික පිරිසක් පීඩාවට පත් ඇති බවත්  එලෙස කසල බැහැර කිරීමෙන් සිය මූලික අයිතීන් කඩවී ඇති බවත් එම පෙත්සමේ සඳහන් වෙයි.

බෝපිටිය ශ්‍රී බෝධි විහාරයේ ධම්මකුසල හිමියන් ,බෝපිටිය ශාන්ත නිකලස් දේවස්ථානයේ ආනන්ද විතාරණ පියතුමා ඇතුළු වත්තල මුතුරාජවෙල රක්ෂිතය ආසන්නයේ පදිංචිකරුවන් 35 දෙනකු විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබ තිබේ.

පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම ලබන 03 වැනිදා සිදු කිරීමටද තීන්දු කරන ලදී.



අදහස් (0)

මුතුරාජවෙල කුණු තහනම දීර්ඝ කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 624 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site