(ඉන්දිකා රාමනායක)
මෙරට තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට සහ මිනිස් ජාවාරම් මැඩලීම සඳහා පාකිස්ථානය ශ්‍රී ලංකාවට සහය ලබා දෙන බවට පොරොන්දු වු බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
පාකිස්ථාන නාවික හමුදාපති අද්මිරාල් සාෆර්මහමුද් අබ්බාසි (Zafar Mahmood Abbasi) මහතා ඊයේ (27) දින අමාත්‍යාංශ පරිශ්‍රයේදී ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල්ගුණරත්න මහතා හමුවූ අවස්ථාවේදී මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මිනිස් ජාවාරම්මැඩලීම වෙනුවෙන් රජය ගන්නා උත්සාහයට පාකිස්ථානයේ සහාය ලබා දෙන බවට පවසමින් මේ බව ප්‍රකාශ කළ බවද අමාත්‍යාංශය කියයි.
ත්‍රස්තවාදී ක්‍රියා මැඩලීම සඳහා තම රටේ සහයෝගය ලබා දෙන බවට ප්‍රතිඥා දෙමින් අද්මිරාල් අබ්බාසි පවසා ඇත්තේ තොරතුරු හුවමාරුව සහ ආරක්ෂක සබඳතා වැඩි දියුණු කිරීම සඳහා දෙරට අතර පවත්නා සහයෝගීතාව තවදුරටත් වැඩි කළ යුතු බව සඳහන් කර ඇත.
‘ශ්‍රී ලංකා නාවික හමුදාවේ හවර්ක්‍රාෆ්ට්යාත්‍රාව (hovercraft) අලුත්වැඩියා කිරීමට සහ යෝජිත ජාතික ආරක්ෂකවිද්‍යාලයේ පුස්තකාලය සංවර්ධනය කිරීමට පාකිස්ථානය සහාය වනු ඇත.’අද්මිරාල්අබ්බාසි‘ සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාවට පාකිස්ථානය අඛණ්ඩව ලබා දෙන සහයෝගයට කෘතඥතාවය පළ කරමින් මේජර් ජෙනරාල් ගුණරත්න මහතා පැවසුවේ දෙරට අතර හමුදාමය සබඳතා ශක්තිමත් කිරීම සඳහා අනාගතයේදී පාකිස්ථානය සමඟ සමීපව කටයුතුකිරීමට බලාපොරොත්තු වන බව ඒ මහතා කියා සිටි බව ආරත්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

2025 දෙසැම්බර් මස 30
90
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
737
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
361
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මත්ද්‍රව්‍ය-මිනිස් ජාවාරම් මැඩලීමට පකිස්ථානයෙන් සහය
Kumar Wednesday, 29 January 2020 05:30 PM
පාකිස්ථානයෙන් නේද මත්ද්‍රව්‍ය ලංකාවට ගෙනෙන්නේ...? සති කීපයකට වතාවක් ලංකාවේ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත්තට ඒවාට මොනවා කරනවද කියන්නේ නැහැ. විකුණගනිල්ලා කියලා ආපසු දෙනවද? බන්ධනාගාරයේ ඉන්න කුඩු මුදලිලාට ලැබෙන සැපපහසුකම් ගැන ඇසෙන අපට වෙන විදිහකට සිතන්න පුළුවන්ද?