(ඉන්දිකා රාමනායක)
මට්ටක්කුලිය සම්ට්පුර ප්‍රදේශයේ අද (8) අලුයම සිට පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇත.
මෙම ප්‍රදේශයේ ක්‍රියාත්මක පාතාල කල්ලි සාමාජිකයන් සහ මත්කුඩු ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බව පොලිසිය කියයි.
300 ට අධික භට පිරිසක් මෙම මෙහෙයුමට සහභාගි වී ඇති අතර පාතාල සාමාජිකයකු ගේ නිවසේ තිබි හමුදාවට සමාන නිළ ඇදුම්ද අත්අඩංගුවට ගෙන ඇත.


COMMENTS
මෙය ඉතාමත් හොඳ ක්‍රියාවක් වන මුත් මෙහිදී සිදුවන්නේ මල් කඩ දැමීමක් වැනි දෙයකි පිල්ල ගසක් විනාස කර කර එය ඉවත් කරනවා වෙනුවට පිලලයේ මුල නොකපා පිලලයේ කොළ කපා වැඩක් නොවනු ඇත මේ මත් වෙළදාමට මුලික පුරුක් වන දේශපලකයන් මේ වෙළදාමෙන් ඉවත් නොකර මෙය වැළකිය නොහැක කිසිප්පු වෙළෙන්දන හිරේ ගිය පලියට කසිප්පු නිෂ්පාදනය කරන පුද්ගලයන් සිටින තුරු කසිප්පු රටෙන් ඉවත් කල නොහැකි සේ වන්නේය