IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මේජර් ජෙනරාල් ශවීන්ද්‍ර අධිකරණයට කැඳවීම විනිසුරු ප්‍රතික්ෂේප කරයි

(සිරාජ් හසීම්)

අවසන් යුද සමයේදී ආරක්ෂක හමුදාව වෙත බාර වූ බව කියන එල්.ටී.ටී.ඊ සංවිධානයේ දේශපාලන නායක සින්නදුරෙයි ශෂිදරන් හෙවත් එලීලන් ඇතුළු 12 දෙනෙකු අතුරුදහන් වීමේ  සිද්ධිය  සම්බන්ධයෙන් විභාග වන නඩුවට යුද හමුදාවේ 58 වන සේනාංකය බාරව සිටි මේජර් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා අධිකරණය හමුවට කැදවන්නැයි කරන ලද ඉල්ලීම මුලතිව් දිසා විනිසුරු මොහොමඩ් සම්සුඩීන් මහතා අද (30) ප්‍රතික්ෂේප කළේය.

2009 අවසන් යුද්ධ සමයේදී 58 වන සේනාංකය හරහා ආරක්ෂක හමුදාව වෙත බාර කළ බව කියන එලීලන් ඇතුළු 12 දෙනෙකු අතුරුදහන් බවට එලීලන්ගේ බිරිය වන ආනන්දි ශෂිදරන් මහත්මිය ඇතුළු පිරිසක් හබයාකෝපූස් පෙත්සමක් ගොනු කර තිබිණි.

මෙහිදී 58 වන සේනාංකය බාරව සිටි හිටපු මේජර් ජෙනරාල් කාලිංග ගුණවර්ධන මහතා අධිකරණයේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කර තිබුණේ හමුදාව වෙත බාරවූවන් පිළිබද තමා කිසිවක් නොදන්නා බවත් අවසන් යුද සමයේදී 58 වන සේනාංකය බාර ප්‍රධානියාව සිටියේ මේජර් ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා මහතා බවත් ය.

එම ඉල්ලීමට බහුතර විරෝධයක් මතුවන හෙයින් තමාට ශවීන්ද්‍ර සිල්වා මහතාට   නොතිසි නිකුත් කළ නොහැකි බවත් ඒ පිළිබඳ මීලඟ නඩු විභාගයේදී තීරණය කරන බවත් දන්වමින් මෙම නඩුව ලබන අප්‍රේල් 27 වනදා දක්වා කල් දැමීමට දිසා විනිසුරුවරයා නියෝග කළේය.



අදහස් (9)

මේජර් ජෙනරාල් ශවීන්ද්‍ර අධිකරණයට කැඳවීම විනිසුරු ප්‍රතික්ෂේප කරයි

siri Thursday, 30 March 2017 06:43 PM

තරමක් සතුටුදායක ආරංචියක්. එත් මේ සතුට කෙටි කලීනද? එසේ නොවෙවයි පතමි.!!!!

:       4       250

ranavi Thursday, 30 March 2017 07:51 PM

කවුරු මොනවා කිව්වත් යහපාලනයේ පොඩි මෙව්වා එකක් තියන බව මගේ පුද්ගලික හැඟීමයි..ඉස්සර මහරජ්ජුරුවන්ගේ නීතියනේ රටේ තිබුනේ විනිසුරන් රජ අණ ක්‍රියාත්මක කල යුතුව තිබුණා.. එකනේ ජෙනරාල් ෆොන්සේකා යුධ වීරයාට සහ ඔහුට හිතවත් යුධ සෙන්පතියන්ව සේවයෙන් පහකිරීම සහ දඬුවම් කලේ.

:       720       529

asiri Friday, 31 March 2017 02:59 AM

කොහොමවුනත් හොඳ විනිසුරුතුමෙක්.

:       2       120

hitan Friday, 31 March 2017 03:18 AM

මේක සිරි ලංකාව

:       0       27

Ravindra Saudi Friday, 31 March 2017 03:42 AM

නීතිය කාටත් පොදුයි කියන එක දැන් ලංකාවේ නැද්ද ?

:       305       69

sudes Friday, 31 March 2017 04:26 AM

එක දෙයක් පැහැදිලියි යහපාලනයට වැඩිකල් ආයුෂ නැහැ.

:       247       473

thilina Friday, 31 March 2017 05:14 AM

රවින්ද්‍ර සවුදි -නීතිය කාටත් පොදු වෙන්නේ කොහොමද හිරුනිකාට,චම්පිකට ක්‍රියාත්මක නොවූ නීතිය විරුද්දවාදීන්ට විතරක් නැමෙනකොට..අද රටේ රණවිරුවන්ට එක නීතියකුත් ත්‍රස්ත්‍රවාදීන්ට තවත් නීතියකුත් බව දන්නේ නැද්ද ?

:       34       454

sanjeewa Friday, 31 March 2017 06:29 AM

රවින්ද්‍ර, සවුදියටම වෙලා ඉන්න. ඇයි මහ බැංකු හොරකමේ කට්ටිය දැන් ඉන්නේ හිරේද?

:       2       187

upali Friday, 31 March 2017 07:29 AM

අධිකරණයේ තීරණයට හිස නමා අචාර කරමි. යුද්ධයේ අවසාන භාගයේදී ඔය කියන LTTE නායකයින් යූධ හමුදාවට භාර උනා කියල මොලේ තියෙන කිසි කෙනෙක් විශ්වාස කරන්නේ නෑ.

:       0       42

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 54 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 848 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 610 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site