IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මේජර් ජනරාල් අමල් කරුණාසේකරට රට යන්න අවසර

තරිඳු ජයවර්ධන
 
ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානී සහ ජාතික ආරක්ෂක විද්‍යා පීඨයේ සේනා විධායක මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතාට ඉන්දියාවේ සංචාරයක නිරත වීමට අධිකරණය අද අවසර ලබා දුන්නේය.

 
මාධ්‍යවේදියකු වූ කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වදහිංසා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේජර් ජනරාල් අමල් කරුණාසේකර ඉදිරියේදී සැකකරුවකු ලෙස නම් කිරීමට ඉඩ ඇති බැවින් ඔහුගේ විදෙස් ගමන් තහම් කරන ලෙස රහස් පොලිසිය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගෙන මීට ඔහුගෙන් රට ගමන් තහනම් කර තිබිණි.
 
ආරක්ෂක අමාත්‍යංශයෙන් තමා ජාතික ආරක්ෂක විද්‍යා පීඨයේ සේනා විධායක ලෙස පත් කර ඇති බවත්, ඉන්දියාවේ ඇති මෙවැනිම ආයතනයක නිරීක්ෂණයකට යෑමට ආරක්ෂක අමාත්‍යංශයෙන් කටයුතු සලසා දී ඇති බවත් මෝසමක් මගින් අද අධිකරණයට දැනුම් දුන් මේජර් ජනරාල්වරයා අප්‍රේල් දෙවැනි දා සිට අප්‍රේල් හය වැනි දා තෙක් එම සංචාරය සිදු කිරීමට අවසර දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේදී අදහස් දැක්වූ සහකාර පොලිස් අධිකාරී බී එස් තිසේරා මහතා පැවසුවේ මෙම මේජර් ජනරාල්වරයාට රට ගමන් තහනමක් පනවා ඇත්තේ සාකිකිකරුවකු නිසා නොවන බවයි. ඉදිරියේදී ඔහු සැකකරුවකු ලෙස නම් කිරීමට ඉඩ ඇති බව කී සහකාර පොලිස් අධිකාරීවරයා ඒ බව දන්නා නිසා ඇතැම් විට ඔහු විදේශ ගත වීමට උත්සාහ කරන්නේදැයි සැක සහිත බව ප්‍රකාශ කළේය.
 
ආරක්ෂක අමාත්‍යංශයෙන් කළ පත් කිරීම හා විදෙස් ගමනට අදාළ ලියකියැවිලි මේජර් ජනරාල්වරයා අධිකරණයට ඉදිරිපත් කළේය.
 
එම ලේඛණ සත්‍ය ඒවාදැයි තමා නොදන්නා බවත්, මේ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ගැනීමට කල් අවශ්‍ය බවත් රහස් පොලිසිය පැවසීය.
 
මොහුගේ රට ගමන් තහනම් ප්‍රසිද්ධ කාරණයක් බවත්, රට ගමන් තහනම් කළ මේජර් ජනරාල්වරයා මෙම තනතුරට පත් කර ඇත්තේ රජයෙන් බවත්, ඔහුට විදෙස් ගත වීමට අවස්ථාවලබා දී ඇත්තේ ද රජයෙන්ම නම් ඊට තහංචි දැමීම සුදුසු නොවන බව අතිරේක මහේස්ත්‍රාත් සුලෝචනා අබේවික්‍රම මහත්මිය පැවසුවාය. මෙම ලේඛණ සත්‍ය ඒවාදැයි පරීක්ෂා කරන ලෙස රහස් පොලිසියට දැනුම් දුන් මහේස්ත්‍රාත්වරිය මේ ගැට ගැටළුවක් ඇතිනම් යළි සලකා බැලීමට පැය 24න් ඕනෑම වේලාවක සූදානම් බව මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළාය.



අදහස් (0)

මේජර් ජනරාල් අමල් කරුණාසේකරට රට යන්න අවසර

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31135 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13266 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10953 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 50 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 884 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 265 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site