බිඟුන් මේනක ගමගේ සහ ශිරාන් රණසිංහ
කොළඹ කොටුව ප්‍රදේශයට ඇද හැලෙන අධික වාර්ෂාවත් සමඟ දුම්රිය නැවතුම්පොළට ගිය දුම්රිය මගීහු පිරිසක් කොටුව දුම්රිය නැවතුම්පොළේ මෙහෙයුම් මැදිරියට පහර දෙන්නට වූහ.
කැරලි මර්දන නිලධාරීහු ද එම ස්ථානයේ සිටිති.
දුම්රිය ස්ථානයේ දේපොළවලට හානි කරන අයුරු අවාරණය නොකරණ ලෙස මගීහු මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියහ.
ඡායාරූප චතුර එස් කොඩිකාර






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්රිය වර්ජනය දැඩි ලෙස හෙලා දකිමු. සියලුම දුම්රිය දේපල මහජනතාව සතු දේපල බැවින් ඒවා සුරකිමු. කඩාකප්පල්කාරී සේවකයින් පන්නා දමා මහජන හිතකාමී යහපත් දුම්රිය සේවයක් ගොඩනගමු.
කුඩු කරනවා නම් කරන්න ඕනේ වර්ජකයින්ගේ පුද්ගලික දේපලයි.
මේ වෙලාවට තමයි හිතෙන්නේ ලංකාවෙ මිනිස්සුන්ට යහපාලනය ගැලපෙන්නේ නැහැ කියලා. සවුදියේ වගේ දරදඬු පාලනයක් තිබුනොත් තමයි අපේ කට්ටිය ටිකක්වත් මට්ටු කරන්න පුලුවන් වෙන්නේ.
පාලක මැදිරියට ගහලා වැඩක් නැහැ ගහන්න වර්ජකයින්ට.
එකම විසඳුම දුම්රිය පුද්ගලික ආයතනයකට බාරදීම, සමිති ගණනාවක් තියෙනවා. මාරුවට වර්ජනය කරනවා
ඕකට තමයි කියන්නේ වානර ගති පැවතුම් කියලා, මේක දකුණු ආසියාතිකයෝන් ළඟ බහුලව දැකිය හැකි දෙයක් සේවකයෝ කරන වර්ජනයට රාජ්‍ය දේපල පලි නැහැ කියලා තේරුම් ගන්න මොලයක් නැත්ද ?
දේපලට හානි කරපු අයට දඩුවම් දිය යුතුයි. මොකද මේවට ආණ්වුවත් සම්බනධ ඇති
ඔය කියන යහපත් සේවකයෝ දුම්රිය දෙපාර්තමේන්තුවට කවදාවත් ලැබෙන එකක් නැහැ.
උන්ට සාධාරන විසදුමක් ලබා දීමෙන් මෙය විසදන්න රජයට උවමනාවක් තිබෙනවද ?
හෙන ගෙඩි වගේ එකපාරටම කරන වර්ජන වලට විසඳුම් දෙන්න මේ කොන්දක් නැති ආණ්ඩුවට බැරි බව අපි දන්නවා. දවස් 21 ක කල්දීමක් නැතුව වර්ජනය කරන්න බහ නේද? නීතියක් නොරකින, නීතියක් නොදන්නා ගොන් රැලක් අපිව දක්කාගෙන ඉබාගාතේ යනවා.
මේකට වගකියයුත්තානම් ගමනාගමන අමාත්‍යාංශයයි. මේක පාලනය නොහැකි තත්වයක සිටිනවානම් මේ රාජකාරිය හමුදාවට පැවරිය යුතුයි .
මේවා පිටුපස අදිසි හස්තයක් ක්‍රියාත්මක වෙනවා! ඒකයි පහරදෙන්නන්ව වීඩියෝ කරන්න විරුද්ද වන්නේ. දුම්රියපොළේ CCTV වලින් ඔවුන් අල්ලන්න බැරිද ?