(බිඟුන් මේනක ගමගේ)
වොයිස් ටියුබ් යූ ටියුබ් නාලිකාවේ සංස්කාරකවරිය හා හිටපු මුදල් ඇමැති මංගල සමරවීර මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ මාධ්‍ය සම්බන්ධීකාරකවරියක හැටියට කටයුතු කළ තුෂාරා විතාරණ මහත්මියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවෙහි හෙට (28) පෙනීසිටින්නැයි කැඳවීමක් ලැබී තිබේ.
කටඋත්තරයක් ලබාගැනීම සඳහා මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (27) පැමිණෙන්නැයි තමාට දුරකථනයෙන් දැනුම් දුන් නමුත් හදිසියේම තමාට එන්නට නොහැකි බව කී පසු හෙට දිනයේ පැමිණෙන්නැයි එම දෙපාර්තමේන්තු නිලධාරින් නැවත දැනුම් දුන්නේ යැයි විතාරණ මහත්මිය ‘ලංකාදීප’ යට පැවැසීය.
තමා කැඳවීමට හේතුව විමසූ විට කටඋත්තරයක් ලබාගැනීමට යැයි එම දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක් පැවැසී යැයි ද ඇය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැවතත්. හරි හෝ වැරදි. සුපුරුදු දඩයම. ඒ පැත්ත මේ පැත්තට ගහනවා. මේ පැත්ත ඒ පැත්තට ගහනවා. එක වහලෙක් හුරේ කියයි. තව වහලෙක් සුසුම් හෙලයි.
හේතුව ඉතින් ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකාවගේ හඬ කවන ලද ව්‍යාජ වීඩියෝ පටයක් ප්‍රචාරය කිරීම තමයි.
එකක් ස්ථිරයි කිසිම ශාරීරික හානියක් නම් වෙලා නැහැ.
දැන්ම පටන් අරගෙන වගේ..
නැවතත් හරි හෝ වැරදි සුපුරුදු දඩයම... ඒ පැත්ත මේ පැත්තට ගහනවා. මේ පැත්ත ඒ පැත්තට ගහනවා. එක වහලෙක් හුරේ කියයි. තව වහලෙක් සුසුම් හෙලයි.
හොඳ වැඩේ මෙහෙම කරනවා නම්..