(මොහොමඩ් බුහාර්ඩීන්)
දඹුල්ල කුරුණෑගල ප‍්‍රධාන මාර්ගයේ ගලේවෙල පහලවැව ප‍්‍රදේශයේදී බස් - බවුසර් හා යතුරුපැදි අනතුරින් පුද්ගලයින් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි.
අද (12) කොලඹ සිට පොලොන්නරුවට ධාවනය වෙමින් තිබු බස් රථයක් ගලේවෙල පහලවැව ප‍්‍රදේශයේ දී බස් නැවතුම්පළක නවතා මගීන් පිරිසක් බස් රථයට ගොඩ කරගනිමින් සිටියදී මිනුවන්ගොඩ සිට කැකිරාවට යමින් තිබු ඉන්ධන බවුසර් රථ රියදුරෙකුට සිය රථයේ වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයේ පසෙක නවතා තිබු යතුරුපැදියක හා බස් රථයේ පිටුපස ගැටී නතර වී ඇතැයි ගලේවෙල පොලිසිය කරන ලද මුලික විමර්ශන වලදි හෙළිවී තිබේ.
බස් රථයේ පා පුවරුවේ සිටි දෙදෙනෙකුද යතුරුපැදියේ සිටි කාත්තාවක්ද බවුසර් රථ රියදුරුද තුවාල ලබා ගලේවෙල දිසා රොහලට ඇතුළත් කර ඇත.
බස් රථයේ සිටි දෙදෙනා හා යතුරුපැදියේ සිටි කාන්තාවගේ තත්වයට බරපතල වු හෙයින් ඔවුන් වැඩිදුර ප‍්‍රතිකාර සඳහා දඹුල්ල මුලික රෝහලට මාරුකර යවා ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි.



2025 දෙසැම්බර් මස 30
143
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
760
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මගීන් නගිමින් සිටි බසයක බවුසරයක් ගැටී 4 කට බරපතළයි