(අමල් වික්‍රමරත්න)
මාකඳුරේ මධූෂ් නමැති සංවිධානාත්මක අපරාධකරුගේ ප්‍රභල ගෝලයන් දෙදෙනෙකු අද (11) පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
ඔවුන් සතුව තිබු අවි ආයුධ සහ මත් ද්‍රව්‍ය සම්බන්ධයෙන් වැඩි විස්තර සෙවිම සඳහා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශයත් පොලිස් විශේෂ කාර්ය බලකාය් මේවනවිට පරීක්ෂණ පවත්වමින් සිටින බවද පොලිස් අධිකාරීවරයා සඳහන් කළේය.
COMMENTS
මෙයින් පෙනෙන්නේ ඩුබායි රාජ්‍ය දූෂිත, මිනීමරු, අපරාධ, වංචා කාරයින්ගේ ලැගුම් ගන්නා නවාතැනක් නොහොත් නිදහසේ හැසිරී ක්‍රියා කල හැකි තෝතැන්නක් බවයි. බැලූ කල රටේ ඇතිවූ දේ සම්බන්ද සොයන වැඩි කොටසක් සිටින්නේ එහෙ බැවිනි. මේ හැම දෙකටම පාලකයන්, රාජ්‍ය නායකයන් ඇතුළු දේශපාලඥයින් වග කිව යුතුයි වක්‍රව හෝ මොනයම් විදිහකින් ඔවුන්ගේ ක්‍රියාකාරකම් වලට සහයවීමෙන් හෝ ඔවුන්ගේ මැර දුෂිත සේවය ලබා ඇත්නම්.
මේ ගොල්ල ළඟ හංගපු ආයුධ ඇති නිසැකවම, ඉතින් අදහසක් නැද්ද ඒවා පෙන්නලා දෙන්න කියන්න?
මොහුගේ අපරාධයි දේසපාලකයන් හා උසස් දනවත් යයි කියන වුන් කරන දුෂණ මංකොල්ල මිනිස් ඝාතන අතර තිබෙන වෙනස කුමක්ද ? නමුත් උසස් එවුන් සිදුකරන දුෂිතයන් ගැන පුවත් පත්වල ලියනකොට ඔවුන්ව හැඳින්වෙන්නේ අහවල් මහතා කියල නම් මොහුටත් අපරාධකරු කියා නොලියා මාකඳුරේ මදුෂ් මහතා කියා නම්බුව දීල ලීවට අපේ අමනාපයක් නැහැ ,
මෙගොලොන්ව අල්ලල මොනවා කරන්නද ? කරන්න තිබ්බේ ආයුද පෙන්නන් එක්ක යන්න