(නිමල කොඩිතුවක්කු)
භාරත ඝාතන නඩු තීන්දුවත් සමඟ අධිකරණයේ ස්වාධිපත්‍යය අධිකරණයේ ශක්තිමත් භාවය පිළිබඳ ලොකු පිටුවක් පෙරලූණු බවත් කිසිම රජයකින් මේ තරම් අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු වූ අවස්ථාවක් වාර්ථා වී නොමැති බවත් බව කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුනිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය කොළඹදී අද(12) පැවසුවාය.
මෙම තින්දුවත් සමඟ යහපාළන රජයක් බිහිකිරිමට දායකවිම පිළිබඳ තමන් යළි යළිත් සතුටට පත් වන බවත් මන්ත‍්‍රීවරිය සඳහන් කළාය.
පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව පැවසුවාය.
මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුනිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය වැඩිදුරටත් මෙසේද කීවාය.
‘‘ මට විරුද්ධව පසුගියදා විවිධ මාධ්‍ය වාර්තා නිකුත් කරලා තියෙනවා. මග නැගුම ව්‍යාපෘතියකින් මම කෝටි දෙකක මුදලක් අරන් කියලත් ප‍්‍රවෘත්තියක් පල වුණා. ඒ පිළිබඳවත් මම නිවැරදි කිරීමක් කළා. නමුත් ඒවා පල කිරිමට ඇතැම් මාධ්‍ය කටයුතු කරලා තිබුනේ නැහැ.
මොන පදනමකින් මෙම ප‍්‍රවෘත්ති මැව්නද කියලා මම දන්නේ නැහැ. මාධ්‍යයෙන් යම් කිසි දෙයක් එළියට දැම්මම මාධ්‍යයෙන්ම තමයි අපේ මතය දාන්නත් පුලූවන් වෙන්නේ. ඒ නිසා ප‍්‍රවෘතියක් ලැබුනම ඒක පාර්ශවිකව වාර්ථා කරන්නේ නැතුව ඇත්ත නැත්ත හොයලා බලනන්න කියලා අපි ඉල්ලා සිටිනවා.
මගේ පියාගේ ඝාතනය සම්බන්ධයෙන් නඩු තීන්දුව පිළිබඳ බෞද්ධයෙක් විදියට මම කණගාටු වෙනවා. හැබැයි පුරවැසියෙක් විදියට සතුටු වෙනවා. නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කිරීම පිළිබඳ පංච පුද්ගළ විනිසුරු මඩුල්ලට මම මල් මිටක් දෙන ගමන් සිරස නමා ආචාර කරනවා.
පහුගිය සතියක් පුරා එක දිගට ලොකූ කථා බහක් ගියා මේ පුද්ගලයා එළියට එනවා කියලා. මගෙනුත් සමහර මාධ්‍ය ඇහුවත් නඩු කටයුත්තක් නිසා මම ඒකට උත්තර දෙන්න ගියේ නැහැ.
ඇතැම් මාධ්‍ය මේ නඩුව වාර්තා කිරීමේදි නඩු තීන්දුව දීලා අවසන් වගේ කරුණු විකෘති කරලා වාර්තා කලා. දුමින්ද සිල්වා මහතාගේ නීතීඥවරුන් කියන දේ විනිසුරුතුමන්ලාගේ මතය වගේ මිනිස්සුන්ට හැගෙන විදියට තමයි මේ ප‍්‍රවෘත්ති වාර්තා කලේ. මේකත් එක්තරා විදියකට අධිකරනයට අපහාස කිරීමක් වෙනවා.
මත්කුඩු ජාවාරම් වලින් හම්බ කරපු මුදල් වලට නැමෙන්නේ නැතුව විනිසුරුතුමන්ලා කෙලින් ඉදන් මේ තීන්දුව දිපු එක ගැන මම සතුටු වෙනවා. වෙබ් සයිට් වලට, සමහර මාධය ආයතන වලට ලක්ෂ ගනන් කෝටි ගනන් මුදල් දිලා බොරු ප‍්‍රවෘත්ති මවන්න මේ අය උත්සාහ කළා.
මේ තින්දුව දිපු 11 ඓතිහාසික දිනයක් වෙනවා. මගේ පියාගේ ඝාතනයට වසර 07ක් පිරිලා ඉවරයි. මේ නඩු තින්දුව අනික් පැත්තට ගියානම් මගේ පුතාගේ පරම්පරාවට මට කියන්න වෙන්නේ උඹේ සීයා සීයගේම ඔලූවට වෙඩි තියා ගත්තා කියලා. ඒ තත්වයටම මේ කතාව අරගෙන ගියා.
විනිසුරුවරුන්ගේ මේ තීන්දුවත් එක්ක අධිකරණයේ ස්වාධිපත්‍යය අධිකරණයේ ශක්තිමත් භාවය පිළිබඳ ලොකු පිටුවක් පෙරලූණා. ඒක විශාල වෙනසක්. අගවිනනිසුරු ධුරයේ සිටි ප‍්‍රියාසාද් ඩෙප් විනිසුරුතුමා විශ‍්‍රම යනවා. එතුමාගේ වෘත්තියේ රන් අකුරෙන් ලියවෙන වැඩක් කරලා තමයි එතුමන් විශ‍්‍රම ගියේ.‘

(ඡායාරූප - චතුර එස් කොඩිකාර )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර මිනිහාව පැහැර ගත්ත එකට ඔබතුමියව හිරේ ඇරියාමත් ඔය කියන "අධිකරණයේ ස්වාධීනත්වය" වෙනස් නොවන බව මට විශ්වාසයි.
ඔයාගේ තාත්තගේ නඩු තීන්දුව නිසා " අධිකරණ ස්වාධීනත්වය" තහවුරු වුණා කියලා කියනවා... ඕකේ අනික් පැත්ත වුණා නම්? හිතාගන්න තිබුණා... එහෙනම් මෙලහකටත් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ වාඩිවෙලා..
මත් කූඩු ජාවාරමෙන් හම්බකරපු තවත් කෙනෙක්ගේ දුවක් බලන්න ඔහොම සෙල්ෆියක් ගන්න.
ගරු අධිකරණයේ තීන්දුවට අපගේ ප්‍රණාමය...! මේ බරපතල මිනීමැරුම් දණ්ඩනය ලැබූ පුද්ගලයාව රාජ්‍ය බලය උපයෝගී කරගෙන සඟවාගෙන සිටි පුද්ගලයාටද නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.
අධිකරණය ඉබේම ස්වාධීන වුණේ නැහැ. 2005 ජනාධිපතිවරණයෙන් එදා හිටපු කුරීරු පාලකයින් පන්නලා තමයි අපි මේ රටේ අධිකරණය වගේම පොලිසිය, මාධ්‍ය හා රාජය පාලනයත් යම්තාක් දුරකට ස්වාධීන කෙරුවේ... එදා මෙයාගේ තාත්තා ආණ්ඩුවේම මැරයෙක් අතින් ඝාතනය නොවුනා නම් එයත් ඒ මහරජ වෙනුවෙන් කඩේ යනවා නියතයි.
මට නම් මේක ප්‍රෙහෙලිකාවක්. දැන් කොහෙද එල්ලුම් ගහ තියෙන්නේ මරණීය දණ්ඩනය දෙන්න.
මේක විහිළුවක්... ඊයේ මම මගේ අදහස පල කළා වාසනාවට ඔබ අද ආණ්ඩුපක්ෂයේ ඉන්න බව. අධිකරණයේ ස්වාධිපත්‍යය තහවුරු වුණා නං, අනිකුත් නඩුවලට මොනවද වෙන්නේ? තාජුදීන්, ලසන්ත, එක්නැලිගොඩ ඇතුළු ඔය නඩු සේරම නිකම් ප්‍රෝඩාවක්. ඔබ අවංක නම්, අනිත් පාර්ශවලටත් සාධාරණ ඉටුවෙන්න කටයුතු කරන්නොන. 62 ලක්ෂ ජනතාව චන්ද දුන්නේ ඔබට පමණක් සාධාරණය ඉටු වෙන්න නොවෙයි.
ජනතා බලයෙන් පාර්ලිමේන්තු ගිහින් ඒ වරප්‍රසාදවලට මුවාවී තමුන්ගේ ඕනෑ එපාකම් වෙනුවෙන් පමණක් හඬ නගන මේවගේ කෙනෙක් මෙතෙක් හිටියේ නැහැ පාර්ලිමේන්තුවේ... අර මහා විශාල කුණු කන්දක් කඩා වැටිලා ජීවිත ගණනාවක් නැතිවුණා... හතර මායිමේ ගියේ නැහැ. තමුන්ගේ අඩුපාඩුවක් පෙන්නා දෙන්න බැහැ.. හරි අමාරුයි බෙරිහන් දෙනවා... නමුත් අනුන්ගේ කුණු අවුස්සන්න මෙයාට ඉඩදීලා පාර්ලිමේන්තුවේ වටිනා කාලය මෙයාගේ තරහ පිරිමහන්න ලබාදිය යුතුද? කොළඹ ජනතාවනි, ඔබ තීරණය කරන්න...
විනිසුරන් අධිකරණමය කටයුත්ත කළා ඒ සඳහා ඔවුන්ට ස්තුති කිරීම වර්ණනා කිරීම නීතිවිරෝධී දෙයක් ලෙසයි මම දකින්නේ .
කුඩු වෙළෙන්ඳන් දෙන්නෙක්ගේ ඉරණම විසඳුනු හැටි..!