( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඝාතන නඩුවේ තීන්දුව නීතියට පටහැනියි මාගේ සේවාදායකයා වන දෙමටගොඩ චමින්දට එරෙහි නඩුව රහස් පොලිසිය නිර්මාණය කළ නඩුවක් අභියාචන පෙත්සම අද (18) පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී දෙවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුර මැද්දේගොඩ මහතා පැවසීය.
මෙම අභියාචන පෙත්සම අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් ,බුවනෙක අළුවිහාරේ ,නලින් පෙරේරා,ප‍්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලිණි.
හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ත‍්‍රී පුද්ගල මහාධිකරණ බහුතර විනිසුරු මඩුල්ල නියම කළ මරණ දඬුවම ඉවත් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු සිව්දෙනෙකු විසින් මෙම අභියාචන පෙත්සම ගොනු කර තිබිණි.
නෛතික මුලධර්මවලට අනුකූලව නඩු තීන්දුව ප‍්‍රකාශ කර නැහැ. මාගේ සේවා දායකයා ඉන්දියාවෙන් පිටුවහල් කළ පසු ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගත් බව සක්ෂියෙන් කියවුණා. ඒක බොරුවක්. ප‍්‍රකාශ වලට අනුව ඔහුව අත්අඩංගුවට ගත්තේ මීගමුව පාරෙදියි. රහස් පොලිසිය මෙය ගොතාපු බොරුවක් මාගේ සේවාදායකයා ළඟ ගිනිඅවි තිබු බවට කිසිදු සාක්කියක් ඉදිරිපත් කර නැහැ.
නඩුවේ වැඩිදුර විභාගය ලබන 4 වැනි දා පැවැත්වීමට නියමිතය.
විත්තිකරුවන් වෙනුවෙන්, ජනාධිපති නීතීඥ අනුර මැද්දේගොඩ මහතාද, නීතීපති වෙනුවෙන් නියෝජ්‍ය පොලිස්පති ජනරාල් තුසිත් මුදලිගේ මහතා පෙනී සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩුව ගොතන්න රහස් පොලිසියේ අධ්‍යක්ෂක හෝ වෙන කවුරු හරි ඉන්නවද දන්නේ නැහැ. දෙමටගොඩ චමින්ද එක්ක පුද්ගලික ප්‍රශ්නයක් තියෙන... සල්ලිවලට අපරාධකාරයින් රකින්න තුට්ටු දෙකේ බොරු කියන මේවගේ අයව ශීලාචාර සමාජයෙන් කොන්කළ යුතුයි.
නඩුව ගොතන්න රහස් පොලිසියේ අධ්‍යක්ෂක හෝ වෙන කවුරු හරි ඉන්නවද දන්නේ නැහැ. දෙමටගොඩ චමින්ද එක්ක පුද්ගලික ප්‍රශ්නයක් තියෙන... සල්ලිවලට අපරාධකාරයින් රකින්න තුට්ටු දෙකේ බොරු කියන අයව ශීලාචාර සමාජයෙන් කොන්කළ යුතුයි.
මේ ප්‍රවෘත්තිය අර නාලිකාවේ ඉදිරිපත් කරන ආකාරය බලන්නයි මම මේ පුනපුනා ඉන්නේ...
මේ වගේ තුට්තු දෙකේ කතා කියන්නේ ශ්‍රී ලංකාවේ විතරයි.
එතකොට මට තියන ගැටළුව භාරත මැරුවේ කවුද? කාගේ වුවමනාවටද? මිනීමරුවන්ගේ බත් බැලයන් අැරුණුකොට පක්ෂ භේදයකින් තොරව සියලු ජනතාව එ් නඩු තීන්දුව අගය කරනවා. නෛතික කටයුතු කෙරුණු විදිය අපි දන්නෑ. හැබැයි මිනීමරුවන්ට දඬුවම ලැබුණු බව දන්නවා. හැබැයි මේ ගැටළුව 2020 පහුවෙලත් ගියොත් නම්... මේ වරදකරුවන්ට මොනවා වෙයිද දන්නෑ. අර තරුණයා පැහැර ගත්තට මරණ දඬුවම ලැබෙන්න බැරිත් නෑ. ලංකාවනේ...
ගමේ රාළ මේවා නිදහස් කරන්න හදනවද?
නීතිය පසිදුවලනවා කියන්නේ අමුතුම ක්‍රියාවලියක්. විනිසුරුවරු ඉන්නේ ඇස දෙක වහගෙන කන් දෙක විතරයි පාවිච්චි කරන්නේ. ඒක නිසා ඕනෑම නඩුවක සාක්ෂි සාධාරණ සැකයකින් තොරව ඔප්පු කරන්න ඕන. සාක්ෂි පරස්පර වුනොත් නඩුව විසඳෙන්නේ සැකකාරයට වාසි වෙන විදියට. මේ කේස් එකේදිත් සාක්ෂි 100% නිවැරදි නොවුනොත් සැකකාරයෝ නිදොස් කොට නිදහස් කරන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. එතකොට මේ කේස් එකත් මිනී මරුවෙක් නැති මිනී මැරුමක් කියන කාණ්ඩයට වැටෙනවා.
කන කැස්බෑවා වියසිදුරෙන් එලිය බැලුවා වගේ දේසපාලකයෙකුට දඬුවම් ලැබුනා .. නමුත් එකත් දැන් වැරදි තීන්දුවක්ලු .. අනෙකාලේ වනේ වාසේ..
දෙමටගොඩ චමින්ද වෙනුවෙන් පෙනී සිටින්නේ ජනාධිපති නීතිඥවරු.මරු.
ඔය තත්වේ හින්ද තමයි ජාත්‍යන්තර උසාවියක් ඕනෑමයි කියල විග්නේශ්වරන්ලා කියන්නේ. භාරත ලක්ෂ්මන් තමන්ටම වෙඩිතියා ගන මැරුණාම, මේ පැත්තක හිටපු අහිංසකයෙකුට විරුද්ධව කටදරයක් ගොතල හිරේ දාපු එක හරි නැහැනේ හලෝ!
රටම දන්නවා ලංකාවට කුඩු ගෙනැල්ලා රට විනාශ කරේ මේ අය කියලා. මේ අයව නිදහස් කරන්න කතා කරන ලෝයර්ස්ලාට අල්ලාගෙන දෙන්න ඕනෑ.
මම මේ දන්නේ නැති හන්දයි අහන්නේ.. ඔය සිද්ධියේදී දුමින්දටත් වෙඩි වැදුණා නේද? ඒ තුවක්කුව පත්තුකලේ කවුද හැබෑවටම ඒ පුද්ගලයාට වෙච්ච සිද්ධියට නඩු අහන්නේ නැද්ද? මේ රටේ මරණකාරයා වින්දිතයා කොට නඩු ඇසීමේ ක්‍රමවේදයක් තමයි.
මේවා විශ්වාස කරන කොන්ඩෙ බැඳපු චීන්නු දැන් චීනෙත් නැහැ. දැන් කළයුතු ප්‍රධාන කාරිය මේ මරණ දඬුවම නියමවුණු මහා පරිමාණ මිනීමරුවන්ගේ සහ කුඩු ජාවාරම් කාරයින්ගේ දඬුවම වහාම ක්‍රියාත්මක කිරීමයි. මොකද මොවුන් හිරගෙවල් තුළ සිට ජංගම දුරකථන හරහා සංවිධානය කරන අපරාද සහ කුඩු ජාවාරම් නිසා කෙලින්ම හෝ වක්‍ර ආකාරයෙන් විනාශ වන ජීවිත ප්‍රමාණය වසරකට 1000කට වැඩිය.