IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බී.ටී.අයි. බැක්ටීරියාවෙන් ඩෙංගු මර්දනයට වැඩක් ගන්නේ නෑ

වෛද්‍ය ජයන්ත බණ්ඩාර

අසුන්තා එදිරිසූරිය

1979 වසරේ දී පළමු ඩෙංගු රෝගියා වාර්තා වූ දා සිට වසර තුනක් වැනි කෙටි කාලයක දී (1982) කියුබාව ඩෙංගු මර්දනය 99%කින් සාර්ථක කර ගත්තද වසංගත තත්ත්වයෙන් පැතිරී යන ඩෙංගු මර්දනය කිරීමට මෙරට කිසිදු වැඩපිළිවෙලක් නැතැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පවසයි.

මීට වසර කිහිපයකට පෙර බීටීඅයි බැක්ටීරියාව කියුබාවෙන් ගෙන්වා ඩෙංගු මර්දනය කිරීමට බලධාරීහු උත්සාහ කළහ. එම වෑයම උපන් ගෙයිම් මියැදුනේ ප්‍රායෝගිකව කිසිදු යාන්ත්‍රික වැඩපිළිවෙලක් නොමැති නිසා බව ද වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

‘‘බීටීඅයි බැක්ටීරියාව ආනයනය කර මාධ්‍ය සංදර්ශන පවත්වා බැක්ටීරියාව හිතෙන හිතෙන තැන් වලට යෙදුවා. ඒත් ඒ වෙනුවට කළ යුතුව තිබුණේ පුහුණු ශ්‍රමිකයන්, අඛණ්ඩ සැපයුම ආදී කොටස් කෙරෙදි සැළකිල්ල යෙදවීමයි.‘‘

‘‘මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගෙන එම ස්ථානවලට අඛණ්ඩව බැක්ටීරියාව යෙදවීමයි.‘ යයි ද වෛද්‍ය බණ්ඩාර මහතා පැවසීය.

නමුත් අප රටේ ඩෙංගු මර්දනය වෙනුවෙන් ලොව අනෙක් රටවල් ඩෙංගු මර්දනය සඳහා යෙදා ගත් කිසිදු වැඩසටහනක් ක්‍රියාත්මක වි නැතැයි ද වෛද්‍යවරයා පැවසීය.



අදහස් (3)

බී.ටී.අයි. බැක්ටීරියාවෙන් ඩෙංගු මර්දනයට වැඩක් ගන්නේ නෑ

kumar (galf) Sunday, 02 April 2017 12:59 PM

මොන බැක්ටීරියාද හලෝ පැපොල් කොළ කකා ඉන්න කියන්න.

:       1       7

ranjith Sunday, 02 April 2017 01:49 PM

ඩෙංගු මදුරුවන් බෝවන තැන් ගෙනාවත් නිසි දැනුමක් නැති මේ වගේ උදවිය නිසා තමයි ඩෙංගු මර්දනය කරන්න බැරී. ඩෙංගු මර්දනයට හොදම දේ බෝවන තැන් ඉවත් කිරීම නොවේද ඉවතලන භාජන වලට හැමදාම බැක්ටීරියා දානවට වඩා ඒවා අයින් කරන්න පුළුවන් නේද

:       2       2

Lanka Perera Sunday, 02 April 2017 10:46 PM

භාජන වලටයි, කානු වලටයි, ටයර් වලටයි හැමදාම බැක්ටීරියා දාදා ඉන්න එක ප්‍රායෝගික නැහැ නේ...

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site