(විනීතා එම් ගමගේ )
බහරේන් රාජ්‍යයේ සල්මානියා රෝහලේ ප‍්‍රතිකාර ලබන ශී‍්‍ර ලාංකික කාන්තාවක් පිළිබඳ තොරතුරු සොයා ගැනීමට ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය ජනතා සහය පතයි.
ඇය පිළිබඳ තොරතුරු සොයා දෙන්නැයි බහරේන් රාජ්‍යයේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය ශී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දන්වා ඇත.
බහරේන් රාජ්‍යයේ පොලීසිය මඟින් ඇය සල්මානියා රෝහලට ඇතුළත් කරනු ලැබ ඇති අතර ඇය සිහිමද තත්ත්වයේ පසුවන බව තානාපති කාර්යාල නිලධාරීහු පවසති.
ඇය නමින් ඉනෝකා දමයන්ති බවත්, පදිංචිය ශී‍්‍ර ලංකාවේ ගනේමුල්ල ප‍්‍රදේශයේ බවත් කියැවේ.ඇය සතුව ගුවන්ගමන් බලපත‍්‍රය හෝ අනන්‍යතාවය තහවුරු කළ හැකි කිසිඳු ලියවිල්ලක් නොමැත. ඇයට ලංකාවේ පදිංචිය පිළිබඳ නිවැරදි මතකයක් නොමැති බවත් තානාපති කාර්යාල නිලධාරීහූ දන්වා සිටිති.
ඇය ගැන කටයුතු සොයාබැලීමට කාර්යාංශයට අවශ්‍ය බැවින් මේ සම්බන්ධයෙන් මහජන සහය බලාපොරොත්තු වේ.
ඉහත සඳහන් සේවක මහත්මිය පිළිබඳව තොරතුරු දන්නා අය වෙතොත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණ හෝ කාර්යාංශයේ විදේශ සබඳතා අංශයේ 011 2 864 100 දරන දුරකථන අංකයට දැනුම් දෙන මෙන් ඉල්ලා සිටී.

2025 දෙසැම්බර් මස 04
552
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
489
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බහරේන්හී ලක් කත ගැන තොරතුරු සොයයි
බද්රානි Tuesday, 08 August 2017 04:28 PM
රටේ ඉන්න ගැහුන්වත් විකුණගෙන කාලා, බඩගෝස්තරය පුරවා ගන්න පිරිමි ඉන්න රටේ ඔයිට වඩා දෙයක් නම්, බලාපොරොත්තු වෙන්න බැහැ නංගියේ. අපේ එවුන්ට පුළුවන් කමක් තියනවා නම්, ඔය නංගිට සිදුවෙලා තියන විපතත් විකුනලා, පොකට් එකට ගානක් දමා ගනියි.