(මහින්ද නිශ්ශංක)
ඩීසල් ලීටරයක මිල රුපියල් 9.00කින් ඉහළ ගියත් බස් ගාස්තු වැඩිවීමක් කිසිසේත් සිදුනොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
වාර්ෂික බාස් ගාස්තු සංශෝධනයකට පසුව අන්තර් වාර බස් ගාස්තු සංශෝධනය සිදුවීමට නම් ඩීසල් මිල වැඩි වීම සමස්ත පිරිවැයෙන් සියයට 4 ඉක්ම විය යුතු බවත් මෙවර ඩීසල් මිල වැඩි වීම සමස්ත පිරිවැයෙන් සියයට 3.2ක් බවත් ජාතික ගමනාගමන කොමිසම කියයි. බස් ගාස්තු අඩු වීම හෝ වැඩි වීම පිළිබඳව තීරණය ගනු ලබන්නේ ප්‍රවාහන අමාත්‍යාංශයේ උපදෙස් අනුව ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් බව ද එම කොමිෂන් සභාව කියයි.
COMMENTS
කවුරු කවුරුත් මුලින් ඔහොම තමයි කියන්නේ... අන්තිමට වැඩි වෙනකම්ම දන්නෙ නෑ.
මේ ආණ්ඩුව ඉන්ධන මිල අඩු කරලා වැඩි කරන්නැතුව ගිය ආණ්ඩුවේ මිල දිගටම තිබුනානම් බස් ගාස්තුව මෙයිට වැඩිය කොච්චර අඩුද ?
නැහැ කියන්නේ වෙන එක නේද?
තෙල් මිල වැඩි වුනාට ජිවන වියදමේ ඉහල යාමක් වෙන්නේ නැහැ. බස් ගාස්තු වැඩි නොවෙන බවට රජය ප්‍රකාශ කරලා තියෙනවා.
ගමනාගමන කොමිෂන් සභාව දැන් මෙහම කිව්වට, ගැමුණු හරියට සුක්කානම කරකාවී. අවසානයේ ගාස්තු වැඩි කරනකොට ගමනාගමන කොමිෂන් සභාව, ගැමුණු, ජනාධිපති, ඇමති සේරම එකම මේසයේ ඉඳගන තමයි වැඩි කරන්නේ. මතකනේ තෙල් වැඩි කරපු හැටි.
ඒ කියන්නේ අනිවාර්යයෙන් වැඩි වෙනවා , ළඟදීම.