(ජුඩ් සමන්ත)
ඇගළුම් කර්මාන්ත ශාලා සේවිකාවන් පිරිසක් ගමන් කරමින් තිබූ බස් රථයක් නවතා තිබූ ලොරියක ගැටී අද (03) උදෑසන සිදු වු අනතුරකින් 37 දෙනෙකු තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුළු කර ඇත.
අද (03) අලුයම හලාවත - පුත්තලම මාර්ගයේ ආරච්චිකට්ටුව - හැළඹවටවන ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇත.
බිංගිරිය - විලත්තව ප්‍රදේශයේ පිහිටි ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරන සේවිකාවන් පිරිසක් මෙම අනතුරින් තුවාල ලබා ඇත.
අනතුරින් තුවාල ලබා රෝහල් ගත කර ඇති අය අතර කාන්තාවන් 36 දෙනෙකු සහ බස් රථයේ රියදුරුද වේ. කාන්තාවන් සියළුම දෙනා කල්පිටිය - නොරචෝලේ ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd