(තිළිණි ද සිල්වා සහ රන්ජන් කටුගම්පොළ)
පසුගිය ජනාධිපතිවරණයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රුව ඇතුළත් කර දිවි නැඟුම දෙපාර්තමේන්තුවේ මුදලින් ලිත් ලක්‍ෂ 50ක් මුද්‍රණය කර රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් සිදුකළැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා එරෙහිව පවරා ඇති නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ විභාගයට ගැනීම වළකාලමින් පනවා ඇති අතුරු නියෝගය ලබන සැප්තැම්බර් 11 වැනි දා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (15) නියම කළේය.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා විසින් පවරා ඇති නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවයෙන් ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් අතුරු නියෝගය දීර්ඝ කරන ලදී.
අභියාචනාධිකරණ විනිසුරු කුමුදිනි වික‍්‍රමසිංහ සහ විනිසුරු ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දෙන ලදී.
ඒ අනුව මෙම පෙත්සම සළකා බැලීම ලබන සැප්තැම්බර් 10 වැනි දාට කල් තැබිණි.
COMMENTS
මේ නඩු බරක් වෙයිද
බැසිල් මහත්තයා නඩුවත් දිනනවා, ඡන්දෙත් දිනනවා.
ඔව් ඔව් මෙයාලගේ නඩු කල් යනවා තව අවුරුදු දෙකනේ. අර පගාව ගත්තු දෙන්නවනම් අවුරුදු 14 කට හිරේ දැම්මා සතියෙන්
ලබන ඡන්දෙ වෙනකල් දික්ගස්සුනොත් අපිට ඇති.
ඡන්දෙ දිනුවොත් නඩුව කොහොමටත් දිනුම්... මොකද ඊට පස්සේ අධිකරණය එයාලගේ අතට ගනීවි... රජගෙදර ඉඳගෙන නඩු තීන්දු දේවි, හොර පෙරකදෝරුවෙකුත් ඉන්නවනේ ඔය පරම්පරාවේ, නීති ඉස්කෝල විභාගය හොරට සීතල කාමරයක ඉඳගෙන ලියලා විභාග කරපු අය නඩු අසාවි...
සජිත් ගෙවල් හදලා දෙන්නෙත් මහජන මුදලින් බැසිල් ලිත් ගැහැව්වෙත් මහජන මුදලින්... බැසිල් ලිත්වල මහින්දගේ ෆොටෝ එකදාලා ප්‍රචාරය දුන්නා. සජිත් මම ගෙවල් හැදුවා කියලා මහජන මුදලින් ප්‍රචාරය දුන්නා.