අජිත්ලාල් ශාන්තඋදය සහ අරුණ එස් හේරත්
ධාවනය වෙමින් තිබූ බස් රථයක පසු පෙළ අසුනක වාඩිවී කවුළුවකින් අත එළියට දමාගෙන ගිය සබරගමුව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයකුගේ දකුණු අත ඉදිරියෙන් ආ ටිපර් රථයක වැදී ගැලවී මහපාරට වැටුණු සිද්ධියක් අද (3) දහවල් රත්නපුර බදුල්ල පාරේ පැල්මඩුල්ල සන්නස්ගම කිරිවැල්දෙනිය හන්දියෙන් වාර්තා විය.
පාරට වැටුණු අත සහ ඒ අත හිමි විශ්ව විද්‍යාල ශිෂ්‍යයා වහාම රත්නපුර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මුලික ප‍්‍රතිකාර කර කොළඹ ජාතික රෝහලට මාරු කර එවු බව රත්නපුර මහ රෝහලේ ප‍්‍රකාශකයෙක් පැවසුවේ ය.
මෙසේ දකුණු අත ගැලවී ඇත්තේ අගලවත්ත කිතුල්ගොඩ ලිපිනයේ පදිංචි පොරමුව මද්දුමාගේ දොන් ඉසුරු සඳරුවන් නැමැති 23 හැවිරිදි විශ්ව විද්‍යාල ශිෂ්‍යයාගේ බව පැල්මඩුල්ල පොලීසිය කියයි.
කොළඹ සිට බදුල්ල හරහා බිබිල බලා ධාවනය වන බස් රථයේ පැමිණි ශිෂ්‍යයා මෙම අනතුරට මුහුණ පා තිබේ.
ඔහු කොළඹින් බස් රථයට ගොඩවී ඇත්තේ බෙලිහුල්ඔයෙන් බැසීමටය. බස් රථයේ පිටුපස ආසනයේ දකුණු පැත්තේ වාඩිවී දකුණු අතේ වැළමිට කවුළුවෙන් එළියට එන ලෙස තබාගෙන පැමිණෙද්දී මේ අනතුර සිදුව ඇත.
COMMENTS
හිතා ගැනීමටවත් අපහසු අනතුරක් ? අනුමාන කළහැකි එකම දෙයනම් ටිපර් රථය හා බස්රථය අතර පරතරය සෙන්ටිමීටර් 10 ත් 20 ත් විය යුතුය. ඇත්තෙන්ම පුදුමාකාර අනතුරකි. කුඩාකල අපගේ දෙමවුපියන් අපට කියාදුන් උපදෙසක් මතකයට නැගෙනවා. පුතේ රථයක යනවිට තම අත් එලියට නොදමන ලෙස.
අපේ දෙමව්පියන් ඔය උපදෙස අපිට දුන්නා මටත් මතකයි. වන්දනාවේ යන ගමන් බසයේ ජනේලයෙන් ඔලුව දැමු මගේ ලොකු මල්ලි තාත්තගෙන් හොඳ ටොක්කක් කෑවා අදටත් මතකයි . කනගාටුවට කරුණ නම් අද තරුණ පරපුර සියල්ල දත් අයවලුන් නිසා සාමාන්‍ය ජීවිතයේ ඇවතුම් පැවතුම් එදිනෙදා ආරක්ෂාව ගැන මහා අවතක්සේරුවකින් ජීවත් වීමය.
වුන දේට කණගාටුයි. ඒත් මෝඩයෙක්. දැන් ජීවිතේටම හොඳ පාඩමක ලැබිලා.
සරසවියට යන්න ඉස්සෙල්ලා.. පාරේ යන හැටි කියල දෙන්න වෙලා තියෙන්නේ...
උගත්කමත්, බුද්ධිමත් කමත් යනු දෙකකි..
මෙහි ඉහත අදහස් දැක්වූවන් බොහොමයක් අනතුරට පත්වූ තරුණයාට ගැරහීමෙන් තම කුහකකම ප්‍රකාශ කර ඇති බව පෙනේ...