(අම්පාර වසන්ත චන්ද්‍රපාල)
අම්පාර දමන පොලිස් බල ප්‍රදේශයේ අම්පාර සියඹලාණ්ඩුව මාර්ගයේ අලහේන ප්‍රදේශයේදි පොද්ගලික බස් රථයක් සහ මොටර් රථයක් ගැටීමෙන් මොටර් රථයේ ගමන් ගත් තිදෙනෙකු බරපතල තුවාල ලබා අම්පාර මහා රෝහලට ඇතුලත් කර තිබේ.
ඊයේ 13 රාත්‍රි 9.20 ට පමණ මෙම අනතුර සිදුව තිබේ. සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පෙර පාසැල් දරුවන් පිරිසක් සහ ඔවුන්ගේ දෙමව්පියන් බස් රථයේ ගොස් ඇති අතර මොටර් රථයේ අම්පාර පෞද්ගලික මුල්‍ය ආයතනයක පිරිසක් ගමන් ගත් බව පරීක්ෂණ පවත්වන දමන පොලීසිය පවසයි.
අනතුරින් පසුව අවට නිවැසියන් එක්ව තුවාලකරුවන් දමන ප්‍රාදේශීය රෝහලට ඇතුළත්කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සදහා අම්පාර මහා රෝහලට යවා තිබේ. බරපතල තත්වයේ සිටි එක් අයෙක් අම්පාර මහා රෝහලින් මහනුවර මහා රෝහලට යවා තිබේ.
මෙසේ තුවාල ලබා ඇත්තේ අම්පාර නවගම්පුර පදිංචි ජීවන්ත ද සිල්වා 29 සහ නාමල්ඔය 2බී ප්‍රදේශයේ පදිංචි ඩිමන්ත ජයරත්න යන පුද්ගලයින් දෙදෙනෙකි.
අම්පාර දිසාව භාර පොලිස් අධිකාරි සාමන්ත විජේසේකර මහතාගේ උපදෙස් මත අම්පාර සහකාර පොලිස් අධිකාරි 1 දර්ශණ සමන් සුරිය ආරච්චි මහතාගේ මෙහයවිමෙන් දමන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිමල්සිරි ලොකු දඩැල්ලගේ මහතා ඇතුල් නිලධාරිහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

2025 දෙසැම්බර් මස 04
351
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
430
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
402
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බසයක් -මෝටර් රියක් ගැටී තිදෙනෙක් රෝහලේ
Sanath Sunday, 15 July 2018 01:57 AM
හරියට වාහන එලවන්න පුරුදුනැති කාර් රියදුරොයි සංවරයක් නැති බස් රියදුරොයි වැඩිය ලංවුනාම වෙන්නේ මොකක්ද කියල හිතාගන්නවත් බැහැ.