(ටෝනි කරුණානායක)
සපුගස්කන්ද පොලිස් ස්ථානයට ගොස් වැඩබලන ස්ථානාධිපතිවරයාට බැන තර්ජනය කර රාජකාරියට බාධා කළැයි කියන බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අශෝක රන්වල මහතා ලබන 19 දක්වා රිමාන්ඩ් කරන ලෙස මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් ශාන්ත නිරිඇල්ල මහතා අද(5) නියම කළේය.
පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසු සපුගස්කන්ද වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා තමාට පහරදුන් බව කියමින් මන්ත්‍රීවරයා රෝහල් ගත කරනු ලැබිණි. සපුගස්කන්ද පොලිසිය බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු මීගමුව වැඩබලන මහේස්ත්‍රාත්වරයා රාගම රෝහලට ගොස් නේවාසිකව ප්‍රතිකාර ලබන මන්ත්‍රීවරයා නිරීක්ෂණයට ලක්කර එසේ රිමාන්ඩ් භාරයට පත් කෙරිණි.
COMMENTS
පොලීසියට තර්ජනය කලාලු. හැබැයි ඔහුට තුවාලයි. තමන්ම තමන්ට ගහගන්න ඇති. මොකද පොලීසිය කාටවත් ගහන්නේ නැහැනේ. පුදුමයි අත් බෝම්බ හමු නොවුන එක...
පළාත් සභාකාරයෝ ඇමතිවරුන්ටත් ඉහලින් හිතන ජාතියකි. එමනිසා පොලිසිවලට ආවොත් ගැහුවාට කමක් නැත.
තම හෙන්චයියෙක් අත් අඩංගුවට පත්වූ පසු දේශපාලකයෙක් පොලිසියට යන්නේ රාජකාරියට බාධා කිරීමට මිසක් රාජකාරිය හරියට ඉටු කරන්න උදව් වීමට නොවෙයි. එහෙම කෙනෙකුව "අවම බලය" යොදා පොලිසියෙන් ඉවත් කිරීම හෝ පොලිස් අත් අඩංගුවට ගැනීම නීත්‍යානුකුලයි. ලංකාව වැනි රටවල මේ කියන අවම බලය කියන එක "වාචිකව කරන ඉල්ලීමක..." සිට "කට්ටිය වටවෙලා අම්බානක නෙලන එක...." දක්වා පරාසයක විහිදී තිබීම නම් මම අනුමත කරන්නේ නැහැ. නමුත් මෙවැනි පුද්ගලයින්ට ශාරීරික උපදෙස් මිසක් වාචික උපදෙස් තේරෙන්නේ නැති බවත් කිවයුතුයි.
මම හිතනවා මෙතන දෙපාර්ශවයේම වැරදි ඇතියි කියලා.
දැන් එතකොට අර ගිය සතියේ කවුද ඇමති කෙනෙක් ගිහිල්ල ගිංතොට පැත්තේ පොලිසියක රාජකාරියට බාධා කරපු එකට නීතිය නැවුනේ නැද්ද?
මෙම සිද්ධියට හෙතුවූ කාරණය අර අත්අඩංගුවට ගත්ත දුප්පත් ප්‍රියකරන පක්ෂය අනුව බොහොම පැහැදිලියි පොලිසිය කරන්නේ නීතිය කණපිට හැරවීමයි. එම පියා කියන පරිදි ඔහුගේ නිවාස ඉදිරිපිට ගෙට එන පාර හරස් කර පොලීසියේ වාහන නතර කරන්න එපා කියපු එකට පලිගැනීමට කිසිම හේතුවක් නැතුව එම පියාගේ පුතාව හොරකමකට කියල අරන් ගිහින් අඩු තරමේ හොරකමවත් කියන්නේ නැතුව අරගෙන ගිහින් තියෙන්නේ... එම දුගී මනුස්සයාට මෙම අවනඩුව කියන්න හිටපු එකම විස්වාස වන්තයා ඔය අසෝක රන්වලයි. එතුමා යුතුකමක් හා මානුෂික වශයෙන් මෙයට හේතුව විමසන්න ඔහුට අයිතියක් තිබෙන්න ඕන... අපි දන්නවා පොලිසිය මහා බලවතුන් ඉදිරියේ නමුත් දරුණු ගනයේ අපරාද කාරයෝ හොරු ලගට කිට්ටු වෙනවද ?