IMG-LOGO

බාල වයස්කාර දැරියකට අතවර කළ තරුණයෙක් අත්අඩංගුවට


 
ජුඩ් සමන්ත
 
වයස අවුරුදු 12 යි මාස 6 ක් වන පාසල් සිසුවියකට අතවර කළ බව කියන 20 හැවිරිදි තරුණයකුව  අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලිසිය පවසයි.


අතවරයට පත්ව ඇත්තේ පුත්තලම - මානාවේරිය ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියකි.


අතවරයට පත්ව ඇති දැරිවිය සහ සැකකරු අතර ප්‍රේම සම්බන්ධතාවයක් තිබී ඇත. පසුගිය 29 වැනි දා දැරිවියගේ නිවසට සැකකරු පැමිණ කථා බහ කරමින් සිට පසුව දෙදෙනාම නිවස ආසන්නයේ ඇති සෙල්ලන්කන්දල් රක්ෂිතයට ගොස් ඇති බවත් එහිදී ඔවුන් අඹු - සැමි ඇසුරක් පවත්වා ඇති බවත් මූලික විමර්ශන වලදී හෙළි වී ඇත.


තමන් මුහුණ දුන් අත්දැකීම දැරිවිය ඇයගේ ගමේ තවත් අයෙකු හා පවසා ඇත. ඉන් පසුව මේ බව ගම්වාසීන් දැන ගෙන දැරිවියගේ මවට ඒ සම්බන්ධයෙන් පවසා ඇත. නමුත් මව කිසිදු පියවරක් ගැනීමට කටයුතු කර නැත. ඒ අනුව ගම්වාසීන් විසින් මේ බව පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරිනිය වෙත දැනුම් දීමට කටයුතු කර ඇත.


ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරිනිය මව සහ දැරිවිය ඇයගේ කාර්යාලයට කැඳවා තොරතුරු ලබා ගැනීමෙන් පසුව සිද්ධිය පොලීසියට පැමිණිලි කිරීමට කටයුතු කර ඇත.


ඒ අනුව විමර්ශන කටයුතු සිදුකර ඇති පොලීසිය සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත. අදාළ දැරිය වෛද්‍යය පරීක්ෂණයක් සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.



අදහස් (3)

බාල වයස්කාර දැරියකට අතවර කළ තරුණයෙක් අත්අඩංගුවට

faizer Wednesday, 06 June 2018 05:48 AM

ඔහු නියම වරදකරු වේ නම් මහජනයා ඉදිරියේ රජ දඩුවම් දී අනික් අයටත් පාඩමක් උගන්වන්න ඕන.

:       0       0

kalani Wednesday, 06 June 2018 07:37 AM

ගැහැනිය සංවේදී තොරතුරු සමග පහසුවෙන් සම්බන්ධවීම සහ මාතෘ මුලිකත්වය මත වඩාත් ආරක්ෂාකාරී වන්නිය. සංස්කෘතික හැඩගැසීම් මත තවත් ප්‍රබල වන්නිය. එසේම ළදැරියකව සිටියදී අතිශයින් ආසාව දක්වන්නේ මනුෂයින්ට සහ මුහුණුවලටය. මේ පරිනාමිය ක්‍රියාවලිය තේරුම් නොගත් මවකගේ මුග්ධ හැසිරීම නිසා බාල වයස් දැරියක් සල්ලාලයකුට ගොදුරක් වී ඇත. සියලු මානව සාරධර්ම මුල් සිඳගත් ශ්‍රී ලාංකික සමාජයේ හරස්කඩක් මෙම පුවත අප ඉදිරීයේ දිග හරියි

:       0       0

Mn Wednesday, 06 June 2018 09:24 AM

අවුරුදු 12න් මොන ප්‍රේම සම්බන්ධතාද? කාටුන් බලන වයසෙ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 85 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 235 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 581 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site