ශිරාන් රණසිංහ
බිලි පූජාවක් සඳහා කොළඹට එන නාමල් ඇතුළු පිරිසගේ අරමුණ ඉටුකර දීමට රජය සුදානම් නැතැයි මුදල් ඇමැති මංගල සමරවීර මහතා පැවසීය.
2015 න් පසුව ශ්‍රී ලංකාව තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවට පත්ව ඇතැයි ද ඕනෑම කෙනෙකුට උද්ඝෝෂණ විරෝධතා පැවැත්වීම ද ප්‍රජාතන්ත්‍රවාදී රටක විශේෂ ලක්ෂණයක් බවද ඇමැතිවරයා කීය.
මෙම විරෝධතාව මෙහෙයවන නාමල් ඇතුළු ප්‍රධාන නායකයින්ට බරපතල දුෂණ චෝදනා යටතේ අධිකරණයේ නඩු ඇතැයි ද මේ අයට ඇප දී ඇත්තේ ද දැඩි කොන්දේසි පිට බවද ඇමැතිවරයා සඳහන් කළේය.
කොළඹට එන පිරිස ආපසු නොගියොත් යවන හැටිත් දන්නා බවද ගැහුවොත් ගහන බවද කියා සිටියේය.
COMMENTS
මොන දේ කිව්වත් හෙට වැඩේ ඒ විදිහටම සාමකාමිව කරගන්න ඒ අයට ඉඩ දීම රජයේ වගකීමයි.
මුළු රටම මේ ආණ්ඩුව බිලි අරන් තියෙද්දි තවත් මොන කථාද.
කටේ තරමට වැඩත් තියෙනවා නම් මොකද ..? බොරු ප්‍රචාර ගෙන යමින් රටම ගිනි තියන කෙනෙක් ...
මේ කතා කරන්නෙ කුරුඳු පොලු බ්‍රිගේඩ් එකේ කැප්ටන් නේද
ඔහේලා බදු පිට බදු පටවලා, මිනිසුන්ගේ ලේ උරා බීලා මොනවද මේ බිලි පූජා කියල කියන්නේ. බිලි පූජා අරන් තියෙන්නේ ඔහේ තමයි. තව තියෙන්නේ වැසිකිළි බද්ද විතරයි