(දයාරත්න ඇඹෝගම)
දාහතර හැවිරිදි බාලවයස්කාර දැරියකට බරපතල ලිංගික අපයෝජනයක් කළැයි කියන 37 හැවිරිදි හමුදා භටයකු ඉලුකේගමදී අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කැකිරාව ඉලුකේගම පදිංචිව සිටින තිදරු පියෙකි. සැකකරු එම ප්‍රදේශයේම හමුදා කඳවුරක සේවය කරන අයෙකු බව පොලිසිය කියයි.
සැකකරු සහ අපයෝජනයට ලක්වු දැරිය අසල්වාසින් වන අතර සැකකරුගේ දියණිය සමඟ පාඩම් කිරිමට එම නිවසට ගිය අවස්ථාවක දැරිය මෙසේ අපයෝජනයකට ලක්ව ඇතැයි පොලිසිය කියයි.
සැකකරුගේ බිරිඳ විදෙස් ගතවී සිටින බව පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ පියා විසින් කැකිරාව පොලිසියට කළ පැමිණිල්ල මත පොලිසිය විසින් සැකකරු මෙසේ අත්අඩංගුවට ගෙන තිබිණි.
සැකකරු අද (23) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
COMMENTS
හැමදාම මෙවන් පුවතක් පලවෙනවා. දැන් මෙය සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. වගකිවයුතු සියලුම දෙනා ඉක්මන් වැඩ පිළිවෙලක් යෙදිය යුතුයි. නැතිනම් මත් උවදුර සියලුම තරුණ පරම්පරාව වනසනවා මෙන් සියලුම කාන්තාවන් දුෂණය කර තිබේවි.
එක්තරා විදියට මෙම සැකකරුගේ බිරිඳ විදෙස් ගතවීමත් මේ අපරාධයට හේතුවක් වෙනවා. කෙසේවෙතත් මේක මහා අපරාධයක්. මේක සාධාරණය කරන්න යන්නේ. නමුත් අවුරුදු 70 ක් රට පාලනය කල, කරන ප්‍රධාන පක්ෂ දෙකම අදටත් අසමත්, විදෙස් ගතවෙන කාන්තාවන්ගේ ප්‍රශ්න රටතුල විසඳීමට නොහැකි වීම ගැන. මහජන මුදලින් නඩත්තු වෙන විදේශ රැකියා, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශවල කිසිම වටිනාකමක් නැහැ.
විවාහක බිරිය විදෙස්ගතව සිටින හමුදා භටයකුගේ නිවසට දියණිය යැවීමෙන් අදාළ පියා කර ඇත්තේ මෝඩ වැඩකි.
යුද්ධයකින් පසුව හමුදා සෙබළුන් සාමූහිකව පුනරුත්ථාපනය කර සමාජ ගතකළේ නැත්නම් මොවුන්ගෙන් බොහෝ කරදර ඇතිවිය හැක.
මිලානෝ මහත්තයෝ, රණවිරුවන්ට සහ මහා සංඝරත්නයට රටේ සාමාන්‍ය නීති අදාළ නොවිය යුතුයි කියලා මතයකුත් දැන් මෙහෙ තියනවා නේද?