(යක්කලමුල්ල විශේෂ ජේ.කේ.එල්.චාමින්ද)
බලපිටිය අධිකරණ භුමියේ පිහිටි සිරමැදිරිය තුල රඳවා සිටියදි පලාගිය අනික් රැදවියාද දොඩන්දුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. බන්ධනාගාර නිලධාරින් විසින් කරණු ලැබු විශේෂ මෙහෙයුමකදි මෙම රැදවියා අත්අඩංගුවට ගෙන තිබේ.
ගාල්ල බන්ධනාගාරය මගින් පාලනය වන බලපිටිය අධිකරණ භුමියේ පිහිටි සිරමැදිරිය තුල රදවා සිටි රැදවියන් දෙදෙනෙකු අද (17) සිරමැදිරියේ දොරකඩාගෙන පලාගොස් තිබුණි.
පලාගිය එක් රැදවියකුගේ පවුලේ අය විසින් ඔහු යලි රැගෙනවිත් බාරදි තිබූ අතර අනික් රැඳවියා බන්ධනාගාර නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබිය.
මේසේ සිරමැදිරියෙන් පලාගොස් තිබුණේ අහුංගල්ල සහ මීටියාගොඩ පොලිස් ස්ථානයන් විසින් මත්‍ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන බලපිටිය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූ රැදවියන් දෙදෙනෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd