නවදිල්ලිහිදීය (රොයිටර්ස්)
ශ්‍රී ලංකාව අනුගමනය කරමින් නිකාබය සහ බුර්කාව තහනම් කරන්නැයි ඉන්දියාවේ ෂිව් සේනා සංවිධානය එරට අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලා ඇත.
ඉන්දියාවේ හින්දු ජාතිකවාදී සංවිධානයක් වන ෂිව් සේනා සංවිධානය ශී‍්‍ර ලංකා රජය ගත් පියවර ප‍්‍රශංසාවට ලක් කරමින් අගමැති මෝදිගෙන් එම ඉල්ලීම කර ඇත.
පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරවලින් පසුව හදිසි නීතිය යටතේ ආරක්ෂක අංශවලට පුද්ගලයන්ගේ අනන්‍යතාව සොයා ගැනීම උදෙසා අනන්‍යතාව තහවුරු කරගැනීමට බාධාවක් මුහුණු ආවරණ සියල්ල තහනම් කිරීමට ශ්‍රී ලංකා රජය පියවර ගත්තේය.
‘‘ශ්‍රී ලංකාව ගත් තීරණය අපිත් පිළිගන්නවා. ශ්‍රී ලංකාවේ අඩිපාරේ යමින් ඉන්දියාව තුළත් බුර්කාව සහ නිකාබය තහනම් කරන්නැයි අපි අගමැතිවරයාගෙන් ඉල්ලා සිටිනවා‘ යැයි ෂිව් සේනා සංවිධානය සඳහන් කර ඇත. එම සංවිධානය එම ඉල්ලීම කරමින් ‘සාමනා’ පුවත්පතේ කතුවැකියක් ද පළ කර ඇත.
බුර්කාව සහ ඉස්ලාම් දහම අතර කිසිදු සම්බන්ධයක් නැතැයි ද ඉන්දීය මුස්ලිම් කාන්තාවන් බුර්කාවෙන් සැරසෙන්නේ අරාබි ලෝකයේ සම්ප‍්‍රදාය අනුගමනය කරමින් යැයි ද ෂිව් සේනා සංවිධානය සඳහන් කර ඇත. අරාබියේ කාන්තාවන් බුර්කාව අඳින්නේ හිරු එළියෙන් ආරක්ෂා වීමට පමණක් යැයි ද එම සංවිධානය පෙන්වා දී ඇත.
ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීම ප‍්‍රතික්ෂේප කළේය. ඉන්දියාවේ ජනගහනය බිලියන 1.3ක් වන අතර එයින් සියයට 14ක් මුස්ලිම් ය.
(055)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
බුර්කාව තහනම් කරන්නැයි ඉන්දීය සංවිධානයක් මෝදිගෙන් ඉල්ලයි
Nuwan Wednesday, 01 May 2019 10:43 AM
අහිංසක සිංහල මිනිසුන්ට ගහලා ඉල්ලගත්තා වගේ මට නම් හිතෙන්නේ මෙයාලා, යුරෝපයේ රටවල් වගේ ඉන්දියාවේත් මේ ආරක්ෂාවට තර්ජනයක් වුණු බුර්කාව සහ නිකාබය තහනම්කරන්න කොන්දක් ඇති රජයක් ඇතැයි හිතමු. මෝදිගේ කශේරුකාවේ හයිය පෙන්නන්න.
Nuwan Wednesday, 01 May 2019 12:14 PM
මේවාට ඩිස්ලයික් දැම්මට ඉන්දියාව මේ බුර්කාව සහ නිකාබය තහනම්කරන එක නවත්තන්නේ නැහැ සහෝදරයා... රටක නීතියට ගරුකරන්න දැන්වත් හිතටගන්න..