(ජයන්ත සමරකෝන්)
කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදී චන්ද්‍රිකා තාක්ෂණයෙන් යුත් ජංගම දුරකථන ඇතුළු ජංගම දුරකථන 20ක් පමණ අත්අඩංගුවට ගෙන ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග පවසයි.
මෙම ජංගම දුරකථන ජී. එච් සිර වාට්ටුවෙන් සොයාගත් බවත් එම වාට්ටුවේ බැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටින අර්ජුන ඇලෝසියස්, කසුන් පලිසේන ඇතුළු සැකකරුවන් 30 කට ආසන්න පිරිසක් රඳවා සිටින බව ද පැවසේ.
COMMENTS
ලෝකයේ තාක්ෂණය මෙතරම් දියුණු ව තිබුණත් වැඩක් නැහැ ඒවා පාවිචියට නොගන්නවා නම් දුරකථනයෙන් ගන්න ඇමතීම වලක්වන්න පුළුවන් ක්‍රම අද තිබෙනවා මේවා යෙදුවනම මොන තරම් මොබිල් දුරකථන තිබුණත පලක් නැහැ මෙය නොකරන්න හේතුව
මේවා සිර මැදිරිවල පහළ වෙන්නේ සෘධි බලයෙන් නොවෙයි. හිර මැදිරිය භාර නිලධාරීන් මුළුමනින්ම වග කිව යුතුයි. පළමුවෙන්ම ඒ අයගේ වැඩ තහනම් කර පරීක්ෂණයක් පවත්වා ඔවුන්ගේ දේපලද රාජ සන්තක කොට ප්‍රසිද්ධියේ උල තබා මැරිය යුතුයි. හිර ගෙදර ප්‍රධානියාගේ සිට සියලුම නිලධාරීන් දූෂිත බව මෙයින් පෙනෙනවා නේද? මොවුන්ගෙන් කෙරෙන රාජකාරිය අපරාධ කරුවන්ට මෙහෙකාරකම් කිරීමද?
අපේ සිර මැදිරි වලට කවද්ද නුතන් තාක්ෂණය යොදා ගන්නේ.. ලෝකේ අනින් සිර මැදිරි එක්ක ගත්තහම තාක්ෂණය අතින් අපි මොන තරන් පහළ තැනකද ඉන්නේ...
එතකොට තමන්ගේ ගෙවල්වල ඉන්න වගේ තමයි.
දුරකථන සිරමැදිරි ඇතුළට ගියේ චන්ද්‍රිකා තාක්ෂණයෙන්ද? කොයි දේ ක්‍රියාත්මක කරන්න ගියත් දුෂිතයෝ ඉන්නවනේ. මෙයින් කීදෙනෙකුට එළියේ ඉඳලා කෑම ගේනවද? එම පාර්සල් පරික්ෂා කලේ කවුද? පහුගිය දවස්වල දුරකථන තිබිලා අහුඋනනේ. ඊට පස්සෙවත් රාජකාරි ලිපි ලේඛන හරියට පරික්ෂා කලානම් එක්කහු වෙච්ච නිලධාරීන් හොයාගන්න පුළුවන්. ඉස්සෙල්ලම ඒ කට්ටිය ගෙදර පවුල හා දුදරුවන් බලාගන්න නිදහස් කලානම් අනික් කට්ටිය සීරුවෙන් ඉඳියි. මේගොල්ලෝ නිතිය ගණන්ගන්නේ නෑ.