IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බැඳුම්කර කොමිසමට ගරහන්නේ නොදන්නා කමටයි - ඇමැති සුසිල්

(ඩයනා උදයංගනී)
 
මහබැංකු බැඳුම්කර වංචාව ගැන සෙවීමට පත්කළ ජනාධිපති කොමිසමේ සාමාජිකයින්ට ඊට වඩා බරපතල සිද්ධියක් වුවත් පරීක්‍ෂා කිරීමට අවශ්‍ය නිපුණතාවය, දැනුම, පසුබිම යන සියල්ල තිබෙන බවත්, ඔවුන්ට විශේෂඥ දැනුමක් නොමැති බව කියන්නේ විෂය පථය ගැන නිසි දැනුමක් නොමැති අය බවත් විද්‍යා, තාක්‍ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

            
කෝප් කමිටුවේ සාක්‍ෂි විමසුවේ දේශපාලකයින් වුවත් ජනාධිපති කොමිසමේ සාමාජිකයින් වුණේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙක් සහ හිටපු විගණකාධිපතිවරයක් බව කී අමාත්‍යවරයා ඔවුන්ට විශේෂඥ දැනුමක් නැතැයි කවුරුන් හෝ කියනවා නම් එය කියන්නට තිබුණේ කොමිසම පත්කළ අවස්ථාවේදී බවද සඳහන් කළේය.
 
මෙම කොමිසමේ අයට විශේෂඥ දැනුම නැහැ කියා ඇමැතිවරයෙක් කර ඇති ප‍්‍රකාශය අනුව ගතහොත් බැංකුවක සිද්ධියක් පිළිබඳ නඩුවක් ඇසීමට නඩුකාරයා බැංකුවකින් ගෙන්වන්නට සිදුවන බව ද අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කීවේය.
 
අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (11) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
Head - බැඳුම්කර කොමිසම විශේෂඥ දැනුමක් නැති බව කියන්නේ දැනුමක් නැති අයයි



අදහස් (13)

බැඳුම්කර කොමිසමට ගරහන්නේ නොදන්නා කමටයි - ඇමැති සුසිල්

ajith Thursday, 11 January 2018 01:10 PM

ඔබතුමාගේ කාලේ බාල පෙට්‍රල් ගෙනාපු එක ගැනත් සොයන්න කොමිසමක් දැම්මොත් නරකද?

:       5       176

himal Thursday, 11 January 2018 01:48 PM

හරි, එහෙම නම් මේ කොමිසමට බැඳුම්කර නිකුතුවෙන් වෙච්ච අලාභයක් ගණනය කරන්න බැරි වුණේ ඇයි? ඒ වගේම කොමිසම අධිකරණ බලතල හිමි ඒකකයක් නෙවෙයි. ඒ නිසා බැංකුවේ උදාහරණය වලංගු නෑ.

:       1       83

samThursday, 11 January 2018 08:49 PM

හිමාල් , මේ අර්බුදකාරී බැඳුම්කර නිකුතුවෙන් සිදු වෙච්ච අලාභය හරියටම ගණනය කිරීමට කිසිවෙකුට කිසිදාක හැකියාවක් ලැබෙන්නේ නැහැ . ඒක පිළිකාවක් වගේ සමස්ත ආර්ථිකය පුරාම පැතිරී දීර්ඝ කාලයක් පුරා ආර්ථිකයට බලපෑම් කල හැකි කරුණක් .

:       192       4

himalFriday, 12 January 2018 03:43 AM

අලාභයක් ගණනය කරන්න බෑ නම් අලාභයක් වුනා කියන එකේ තියෙන තහවුරුව මොකක්ද? එක එක අය එක එක ගණන් කියාවි. බැඳුම්කර වෙන්දේසියකදි තරඟකාරී ලංසු කැඳවන්නේ. අරමුදල් සඳහා ඉල්ලුම වැඩි වෙනකොට පොළී අනුපාතය වෙනස් වෙනවා. රු10000ක් ගන්න කොට පොළියයි කෝටියක් ගන්න කොට පොළියයි වෙනස් වෙන එකට කරන්න දෙයක් නෑ. එහෙම නම් ණය නොගෙන ඉන්න ඕන. ඒත් ණය නොගත්තොත් රාජ්‍ය වියදම් කප්පාදු කරන්න වෙනවා.

:       0       0

aseFriday, 12 January 2018 04:26 AM

මෙය හරියටම ගණනය කිරීමටනම් පළමුව කල යුතව තිබුනේ බැංකුව ඇතුළතින්ම විගණනය කිරීම --- දැන් තමයි ඒක කොමිසමට මතක් වෙලා තියෙන්නේ එයින් පෙනෙන්නේ ඔවූන්ගේ නොහැකියාව නොවේද ?

:       14       0

SitisanFriday, 12 January 2018 07:02 AM

විවෘත්තව කෙළින්ම බැංකු අරමුදල්වලින් ගත්තා නම් පොළී අනුපාතය අඩුයි. පොළී මුදලාලිගෙන් ගත්තොත් අනුපාතය වැඩියි. පොලී මුදලාලි ගන්නේ බැංකුවලින් පොළියටනේ... අලාභය දිගුකාලීන බැවින් නියම ගණනයක් කළ නොහැකිය. ඒ දණ්ඩ මැද ඉන්න අයටනම් පනින පැත්තේ වාසියට පිළිතුරු දිය හැකිය.

:       0       0

siri Thursday, 11 January 2018 02:32 PM

එහෙම කියන්න එපා ඇමතිතුමා.

:       2       6

Chandra Thursday, 11 January 2018 03:50 PM

අපිට ඕනේ ඔය දැනුම තියෙන අය පත්කර අර පසුගිය වකවානුවේ සිද්ධ වෙච්ච දුෂණ වංචා සොයා බලා, පොරොන්දු වූ පරිදි ඉක්මනින් දඩුවම් ලබා දීමයි. ඒවා මෙච්චර ප්‍රමාද ඇයි. ඉක්මන් කරන්න. හාද ?

:       205       454

Chandima Thursday, 11 January 2018 06:04 PM

සාක්ෂිකරුවන් සම්බන්ධ කරුණක් නිසා යයි කියමින් එන 16 වෙනිදා පාර්ලිමේන්තුවට පෙන්නන්න හදන්නේ තෝරු මෝරු ටික මග හැරලා සංශෝදිත වාර්තාවක්ලු නේද?

:       1       95

siri Thursday, 11 January 2018 07:53 PM

නොදන්නා කමට නෙමේ.වාචාල කමටයි .

:       2       9

Shan Friday, 12 January 2018 07:25 AM

නිකම් බයිලා කියන්නේ නැතුව ඉන්න හලෝ. එහෙනම් කොහොමද විමල් නඩු විභාග කලේ. මෝඩ කටවල්ම තමයි.

:       0       1

jayanaath Friday, 12 January 2018 02:21 PM

මේ පැත්තට හේත්තු වුණු " ඉස්සන් " ගේ බයිලා හොඳයි නිකම් අහගෙන ඉන්න ..! අපි නොදන්න චෙස් ..! හරි නම් ඔහෙත් ඉන්න ඕනේ කොමිසමක් ඉස්සරහ ..! බාල තෙල් ගෙන්නුවට...

:       0       0

Nimalakka Saturday, 13 January 2018 05:09 AM

කෝ දියවන්නාවේ වට්ටක්කා මුදලාලි.. මොකද වුණේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 84 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 138 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 939 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site