(විනීතා එම්. ගමගේ)
බන්ධනාගාර ඉතිහාසයේ සුවිශේෂී විවාහයක් මැගසින් බන්ධනාගාරයේ දී අද(7) සිදුවිය.
30 අවුරුදු සිර දඬුවමක් විඳිමින් සිටින 39 හැවිරිදි පුද්ගලයකු සමඟ එහි දී විවාහ දිවියට පිවිසියේ බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ කි‍්‍රයාකාරී සාමාජිකාවකි.
නමින් ස්වීටි ෂෙලින් චමිලා බක් නම් වූ ඇය 41 හැවිරිදිය. මැගසින් බන්ධනාගාරය තුළ දී සිදුවූ ඇයගේ විවාහය අවස්ථාවේ මාධ්‍යයට එය ආවරණය කරන්නට අවස්ථාව හිමි නොවු අතර මනාලිය හමුවන්නට මාධ්‍යයට අවස්ථාව ලැබුණේ බන්ධනාගාරයෙන් පිටතදීය.
මැගසින් බන්ධනාගාරයේ රැඳවියකු වන සෙනරත් බන්දුල ලියනාරච්චි වෙනුවෙන් පෙනී සිටි අවස්ථාවක බන්ධනාගාරයේ ඉහළ නිලධාරියකු ඇයට පවසා ඇත්තේ ඔහු වෙනුවෙන් පෙනී සිටින්නට ඇයට හේතුවක් නැති බවකි. ඇය ඔහුගේ බිරිඳ නම් ඔහු වෙනුවෙන් පෙනී සිටින්නට හැකි යැයි ඉහළ නිලධරයා පවසා ඇත්තේ චමිලා අපහසුතාවයට පත් කරන්නටය.
එම අභියෝගය භාර ගත් චමිලා අවිවාහකයකු වන බන්දුල සමඟ විවාහ වෙන්නට තීරණය කළාය. ඒ අනුව බන්ධනාගාර අධිකාරීගෙන් ද, තවත් නිලධාරින් බොහෝ දෙනකුගෙන්ද ඇය සෙනරත් හා විවාහ වන්නට අවසර ඉල්ලා සිටියාය. නමුත් එවැනි අවස්ථාවක් ලැබුණේ නැත. වසර තුනක් තිස්සේ මේ වෙනුවෙන් ඇවිද ගිය ඇය අවසානයේදී බන්ධනාගාර ඇමැති ඩී.එම් ස්වාමිනාදන් මහතා හමුවන්නට ගියාය.
අමාත්‍යවරයා සහ ඔහුගේ නිලධාරින්ගෙන් ද සහාය මත මෙම විවාහයට අවශ්‍ය සියලූ පහසුකම් සලස්වන ලෙස නියෝග කරමින් අමාත්‍යංශයෙන් ලිපියක් ද නිකුත් කෙරිණි. මංගල්‍යයට දින නියම වූයේ මේ අනුවය.
බන්ධනාගාර බලධාරින් බන්ධනාගාරය තුළට මනාලිය ගෙන්වා ගත්තේ පවුලේ ඥාතින් මෙන්ම ඇයගේ ආබරණ ඇතුළු ආයිත්තම් රැගෙන ආ කාන්තාවට ද එහි ඇතුළු වීම තහනම් කරමිනි. තම මනාලයාට මේ විශේෂ අවස්ථාවේ පවා අඳින්නට ලබා දී තිබුණේ උසාවි ගෙන යන විට අඳින සරම හා බැනියම පමණක් බව විවාහයෙන් පසු බන්ධනාගාරයෙන් පිටත දී මාධ්‍ය ඇමතූ චමිලා පැවැසුවාය.
විවාහයට අවසර ඉල්ලමින් වසර තුනක් තිස්සේ නිලධාරින් හමුවීමට ගිය බව ද ඇය පැවැසුවාය.
‘‘මට මගේ විවාහය අවස්ථාවේ ඡායාරූපයක් ගන්න දුන්නේ නැහැ. මගේ විවාහ ඡායාරූපය මගේ අයිතියක්. විවාහය රෙජිස්ටර් කළ රෙජිස්ට‍්‍රාර් මහත්තයා එතුමාගෙ දුරකථනයෙන් ඡායාරූපයක් ගත්තා. බන්ධනාගාර නිලධාරින් ඒකත් මකන්න කිව්වා. කිසිම ඥාතියකුට ඇතුළට එන්න දුන්නෙත් නැහැ. මේ වැඬේ අවුල් කරන්න සෙනරත් ගේ විවාහය නොකෙරෙන තැනට ගෙනෙන්නට මේ අය කරන්න පුළුවන් හැම දෙයක් ම කළා. මාධ්‍යයට එන්න නොදුන්නා විතරක් නොවෙයි, හැම පැත්තෙන්ම අවුල් කරන්න හැදුවා.
මේ බන්ධනාගාරය ඉස්සරහ බෝඩ් එකක් තියෙනවා සිරකරුවන් ද මනුෂ්‍යයෝය කියලා. ඒකට යටින් ගහන්න ඕන නිලධාරින් අමනුෂ්‍යයෝය කියලා.
‘‘මගේ ස්වාමි පුරුෂයා වැලිකඩ සිදුවූ මහා ඝාතනය පිළිබඳ ඇසින් දුටු සාක්කි සපයන සාක්කිකාරයෙක්. මේ නිසාම ඔහුට බැන වැදීම්, තර්ජන වගේම පහරදීම් ද සිදුවෙනවා. මේ විවාහය කඩාකප්පල් කරන්න හදන්නෙත් මේකෙන් ඔහුට ශක්තියක් එන නිසයි. මම ඔහු විවාහ කරගන්නවා විතරක් නොවෙයි ඔහු වෙනුවෙන් පෙනී හිටිනවා. මේ නඩුවේ සාක්කිකාරයෙක් වුණ දවසෙ ඉඳලා ඔහු අනුරාධපුරයට, කුරුවිටට මාරු කරනවා. අනුරාධපුර සිට මැගසින් බන්ධනාගාරයට ගේන්නේ බන්ධනාගාර බස් එකේ හිටගෙන.
‘‘අද සිට ඔහු මගේ ස්වාමි පුරුෂයා. අදින් පසු ඔහුට ඇඟිල්ලක් හෝ උස්සල තිබුණොත් බලාගන්නම්. කොහොම වුණත් මම වාසනාවන්ත බිරිඳක්. මට හොඳ නිර්භීත සිංහලයකුගේ බිරිඳ වෙන්න වාසනාව ලැබුණා.’’ යැයි ද ඇය කීවාය.



(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)
COMMENTS
පරණ චිත්රපටියක් තිබුනා 'For a Few Dollars More' කියලා. එකේ දෙවැනි කොටසට සුදුසු කතාවක් මේක. ඩොලර් වෙනුවෙන් කසාද බැදීම.
මේ අන්තිම (3) ජායාරූපය සුවිශේෂයි ! එඩිතර කාන්තාවකගේ සුපිරි පෞරුෂය හමුවේ ඉදිරියෙන් සිටින පුරුෂයන් අසරණව සිටින බවකුයි ඇත්තටම පෙන්න තියෙන්නේ !
කරුණාකර සඳහන් කරන්න... මෙයා අවුරුදු 30ට හිරේ ගිය හේතුව.
ප්‍රියන්ජිත්ගේ කතාව ඇත්ත ! ලංකාව මිරිකලා ඩොලර් ගෝනි ගණන් ඉඩම්, ගෙවල්, දේපල ගන්න ඇමරිකාවට පටවපු ද්විත්ව පුරවැසි අයියලා මල්ලිලා දෙන්නෙක් මේ කතාව පසුබිමේ ඉන්නවා. මොකද නම අඬගහල මරපු හිරකරුවන්ගේ කතාවේ ඇසින් දුටු සාක්කිකාරයෙක් තමයි මනමාලයා! දැන් බයට මේ සීන් එක බලාගෙන ඉන්නවා ඇති... මේ කාන්තාව මොන ගේමක් ගහයිද කියලා !
මේ ජර්මන් කෙනෙක්. අනේ මන්ද මල කෝලන්.
මනී ටෝක්ස් කියන්නේ මේ වීරකම් වලට. කෙසේ හෝ කමක් නැහැ බන්ධනාගාර රැඳවියන් කොටසක් පමණක් තෝරා මැරූ මිනීමරුවා අල්ලමු.
හිරකූඩුව ඇතුළෙදි සාමාන්‍ය ජීවිතේ කරන්න පුළුවන් හැමදේම කරන්න පුළුවන් නම්, හිරේ දාන එකේ ඇති වැරැද්ද මොකක්ද?
මෙයින් පැහැදිලි වන කරුණ නම් යහපාලන රජයක් තිබුණත්, මේ තැන්වල තාමත් තියෙන්නේ පසුගිය බලවතුන්ගේ හොල්මන්ය කියන එකයි.
යකෝ අපිටත් හිරේ යන්න හිතෙනවා මේවා දැක්කම...
යටින් වෙන දෙයක් වෙන්නේ. මේ මනුස්සයව බලෙන් අල්ලාගෙන බැඳගෙන එන්ජීඕ කට්ටියට අවශ්‍ය දේවල් කරගන්නයි හදන්නේ.
පිටිගල මිලානෝට මොලේ අමාරුවක්වත් හැදිලද කොහෙද...
බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ කි‍්‍රයාකාරී සාමාජිකාවක්? අද ඊයේ හිරකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්න කෙනෙක් නොවන වග සම්පුර්ණ පුවතේදී පැහැදිලි වෙද්දීත්, රටේ නැති බහුබූත ලියන අයත් ඉන්නවා. මේ මනුස්සය කොයි දිපන්කරේ ඉඳල ආවත් කරන්නේ හොඳ දෙයක්. කෝ අපේ කවුරුවත් හිරකාරයින් වෙනුවෙන් පෙනී සිටිනවද? හිරගෙදරට පැනලා හිරකරුවන් අමානුෂික විදිහට මරලා දැම්මා... ඇහෙන් දැක්ක සාක්කි කරුවන්ටත් වෙඩි තිබ්බ අර අලුගෝසුවෝ හිටියා නම් අද වෙනකොට ඒ අයත් නෑ.
උඩරට ඔසරිය හැඳ නලල්පටය පළඳන්න මේ ජර්මානු කාන්තාව පිළිවෙත් සපුරා ඇත්දැයි මට නම් සැකයි.
උණුසුම් සුභ පැතුම් ඔබ දෙපලට, සුභ අනාගතයක්!!
කුමන හේතුවකට සිර දඬුවම් ලැබුණත් මේ ලොව මානුෂික අයිතිවාසිකම් කියලා දෙයක් තිබෙනවා. මේ කසාදයට ඉරිසියා කරන අය තමයි හේතුන් සොයන්නේ.
නිර්භීත කාන්තාවක්... සැමියාට අවුරුදු 30ක හිරදඬුවමක් දීලා තියෙන්නේ... මිනිමරුවෙක්ද? මගේ අදහස නම් අපේ කාලේ හිටපු ලොක්කෝ හරියි කියලා. අපහාස කාරයින්ට දැඩි දඬුවම් දිය යුතුයි.
අදාල පුවතට අපි දක්වන ප්‍රතිචාර අදහස් ඇයි මිනිස්සුන්ට නොරුස්සන්නේ? රටේ අසාධාරණයක් වැරැද්දක්, අවනීතියක් කවුරු කලත් එකයි. එතැනදි සිංහලද, දෙමළද, මරක්කලද, වෙනත් ජාතියක්ද, අදාලම නෑ. රනිල්ලා, ෆොන්සේකලා, අනුරලා අතින් වරදක් වුණොත් පතුරු ගහන අපරාධ සාධාරණීකරණය කරන්නේ ඇයි වහල්ලුද?
"අනේ මන්දා මල කොලම්ලු" ඇයි එහෙම කියන්නේ? මොන හඳහන් බැලුවත් මොන කපුවා යෝජනා ගෙනාවත් බබා කෙටුව විදිහටයි විවාහය සිදුවෙන්නේ. විවාහය පමණක් නොව ජීවිතයේ බොහෝ දේවල් සිදුවන්නේ එහෙමයි. තමන්ට අනතුරු සිදුවීමත් ඒවායින් ගැලවීමත් අහඹු සිදුවීම් නොවෙයි. මහා අනතුරු කීපයක් සිදු වෙන්න ගොස් තප්පර දශමයෙන් බේරුණු නිසා මම විශ්වාස කරනවා ඉෂ්ඨ දේවතාවා නොහොත් ගාර්ඩියන් ඒන්ජල් කෙනෙක් ඉන්නවා කියලා. ජීවිතය අහඹු සිදුවීමක් නොවෙයි.
එතකොට මේ ස්ත්‍රිය තමයි තීරණ ගන්නේ. හිරකාර පිරිමියා පඹයෙක්. එකෙන් තේරෙනවා මොනවාද මෙතන උනේ කියල. රටට විරුද්ධ දෙස් විදෙස් එන් ජි ඕ කාරයන් රට තුල එළිපිට ක්‍රියාත්මක වෙනවා.
පල්ලියක දෙමල ෆාදර් කෙනෙක් මොකද ඇවිල්ල තියෙන්නේ ? මේ සුද්දී ට මේ රටේ මෙච්චර දෙයක් කරන්න සල්ලි බලය දෙන්නේ කවුද ? මේ සුද්දී කරන්නේ රස්සාවක් . කසාද බැඳිල්ල රස්සාව දීපු හාම්පුතුන් ගේ නියෝගයක්. අපේ කෙල්ලෙකුට පුළුවන් ද අරාබියේ සිරගතව ඉන්න අරාබියෙක්ව කසාද බඳින්න එ් රටවල ඇමතිලගෙන් ලියුම් ගන්න ?
මේක තමා එඩිතර හා පැසසිය යුතුයි ක්‍රියාවක්......
මේ කාන්තාවට හොඳ ආත්ම ශක්තියක් තියනවා.