තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට අපහාස කිරීම සහ නීතීඥ වෘත්තීයට නොගැලපෙන ලෙස කටයුතු කරන නීතීඥ අජිත් ප‍්‍රසන්න සම්බන්ධයෙන් සුදුසු සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා බොදුබල සේනා සංවිධානය අගවිනසුරුවරයා සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙත අද (15) ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
රාජගිරිය ,නාවල පාරේ ,අංක 615 දරණ ස්ථානයේ පිහිටි බොදුබල සේනා සංවිධානයේ සම්බන්ධීකාරක පූජ්‍ය පස්සරමුල්ලේ පඥ්ඥාජෝති හිමි විසින් අගවිනිසුරුවරයා වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබූහ.
ඉදිරිපත් කරනු ලැබූ පැමිණිල්ලේ මෙසේද සඳහන් වේ.
රටේ හදිසි නීතිය පවතින අවස්ථාවක හබුරුගල , රත්තොටුවිල පාර , දොඩම්ගොඩවත්ත , අංක 241 ස්ථානයේ පදිංචිවන සිටින උක්ත නීතීඥවරයා ඉකුත් 5 වැනිදා සහ 8 වැනිදා කාලය තුළ අන්තර්ජාලයට වීඩියෝ පටයක් මුදා හරිමින් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගාඩඅත්තේ ඥානසාර හිමියන්ට අපහාස වන සැලසුම් සහගත වෛරී ප‍්‍රකාශ නිකුත් කරමින් සීට.
එසේම එම නීතීඥවරයා එලෙස මුදාහරින වීඩියෝ පට තුළින් මානව හිමිකම් උල්ලංඝනය වන අයුරින් තර්ජනය කිරීම් , අධිකරණ තීන්දු වැරදි බව සමාජගත කිරීමට උත්සාහ කිරීම , නීතියෙන් දඩුවම් ලැබූවෙනුට තවදුරටත් අපහාස කිරීමට අධිකරණ තීන්දු උපයෝගි කර ගැනීම ආදී ලෙසින් නීතීඥවරයෙකුට කිසිදු ආකාරයකින් නොගැලපෙන ලෙස කටයුතු කරන බවද පෙන්වා දේ.
යම්කිසි පුද්ගලයෙකු පිළිගත් අධිකරණ පටිපාටියකින් වරදකරුවෙකු ලෙස ඔප්පු කරන තෙක් අදාළ පුද්ගලයා නිර්දෝෂී පුද්ගලයෙකු ලෙස සැලකීමේ , නිර්දෝෂීභාවය පිළිබඳ පූර්ව නිගමනයකට ගරු කිරීම නීතීඥවරුන් සතු මූලික වගකීමක්ව තිබියදී , පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි 2014 හෝ ඉන් අනතුරුව ජාතිවාදී ගැටුම් වලට සම්බන්ධවීම් පිළිබඳව කිසම අධිකරණයක් වරදකරුවෙකු ලෙස ඔප්පු කර නැති අවස්ථාවක උක්ත නීතීඥ වරයා උන්වහන්සේට අසත්‍ය චෝදනා ඉදිරිපත් කරන බවද පැමිණිල්ලේ සඳහන් වේ.
එබැවින් අජිත් ප‍්‍රසන්න නැමැත්තා නීතීඥවරයෙකු ලෙස තවදුරටත් ක‍්‍රියා කිරීමට සුදුසු නොවන බව අප සංවිධානයේ හැඟීම වන හෙයින් ඔහු සම්බන්ධයෙන් සුදුසු සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන්නැයි අගවිනිසුරුගෙන් ඉල්ලා සිටී.
2025 නොවැම්බර් මස 21
62
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
159
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1014
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
බොදු බල සේනා සංවිධානයෙන් අගවිනසුරුට ලිඛිත පැමිණිල්ලක්
Devani praba Thursday, 15 March 2018 02:16 PM
මුස්ලිම් ජනතාව අනුවණ නැහැ. දැන් සේරම දේවල් ටික දැනගත්තා.
සතයපාල Thursday, 15 March 2018 02:19 PM
හාමුදුරුවන්ට අපහාසයක් වුනානම් අග විනිසුරුට ලියුම් ලියන්නේ නැතිව අපහස නඩුවක් දාන්නනේ තියෙන්නේ බොරුවට රඟන්නේ නැතිව...
BamunuarachchiSaturday, 17 March 2018 08:13 AM
අපි ඉස්කෝලේ ඉගෙනගත්තේ... වැරැද්ද පන්තිය භාර ගුරුවරයාට කියන්න. රජයේ රැකියාව කරනකාලේ කියලා දුන්නේ ලඟම ඉන්න බොස්ට පැමිණිලි කරන්න. නැතුව දෙපාර්තමේන්තු ප්‍රධානියා ගාවට යන්න නොවෙයි. ඔබහරි හාමුදුරුවනේ..., ඊයේ, පෙරේදා පිහාටු ආපු අය අපිට පියාඹන හැටි කියලා දෙන්න එනවා.
Devani praba Thursday, 15 March 2018 02:38 PM
අරාබි රටවල ජීවත් වෙන බෞද්ධ ජනතාවට මොකද වෙන්නේ?
thamindu dulvan Thursday, 15 March 2018 02:42 PM
මේ රටේ ආණ්ඩුවෙන්ද අපක්ෂපාති පරීක්ෂණ ඉල්ලන්නේ...?
ජේසුදාසන් Thursday, 15 March 2018 03:08 PM
අන්න එහෙම නීතියෙන්ම ඔය මානයෙන් ඉදිමුණු නීතිඥයන්ට දඬුවම් කරන එක හොඳයි.
පෙරුමාල් Friday, 16 March 2018 03:17 AM
කෙනෙකුට තවත් කෙනෙකුට අපහාස කරන්න බෑ. තමන්ට අපහාස කර ගන්නෙ තමන්මයි.........
Darshana Friday, 16 March 2018 04:28 AM
හොද දෙයක් ...