(පාලිත ආරියවංශ)
බදුල්ල නගරයේ රථවාහන අමතර කොටස් වෙළදසැල් දෙකක් ගිනිගෙන විනාශවී එක් වෙළදසැල් හිමියෙක්මිය ගිය සිද්ධියේ හේතුව වෙළෙඳසලේ ඇති වු පිපිරීමක් නිසා බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබේ .
එම අනතුරින් මිය ගියේ බදුල්ල හපුවත්ත පදිංචිව සිටි මුතු තන්ත්‍රිලාගේ සුමීර හේමන්ත කුරේ (46) නමැති දෙදරු පියෙකි .
මිය ගිය පුද්ගලයා තෙවතාවක් වෙළදසැලට යන අයුරුත් තුන්වන වර ඔහු වෙළදසැල ඉදිරියේ මාර්ගයේ නතර කිරතිබු යතුරුපැදියට නැගීමට යද්දිම පිපිරීම සිදුවි ඔහු ඊට ගොදුරුවන අයුරුත් ඒ සමගම මහා ගිනිජාලාවක් ඇතිවන අයුරුත් එම ස්ථානයේ ව්‍යාපාරික ස්ථාන දෙකක තිබු ආරක්ෂක කැමරා දර්ශන අනුව විමර්ශනය කළ බවද පොලිසිය සදහන් කරයි .
බදුල්ල දිසා විනිසුරු තාරක ජිනදාස මහතා විසින් මහේස්ත්‍රාත් මූලික පරික්ෂණය කළ අතර මෘත දේහය බදුල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වරයා වෙත යවා පශ්චාත් මරණ පරීක්ෂණයකට ලක්කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසත් වැඩිදුර විමර්ශන සිදුකරන ලෙසත් බදුල්ල පොලිසියට නියෝග කළේය .
ඒ අනුව බදුල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි අකිල රත්නායක මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ අතර ඔහු විවෘත තීන්දුවක් දෙමින් මෘත දේහයේ කොටස් වැඩිදුර පරීක්ෂණ ය සදහා රජයේ රස පරීක්ෂක වරයා වෙත යැවීමට තීරණය කළේය .
2025 දෙසැම්බර් මස 18
158
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
956
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බදුල්ලේ වෙළෙඳසල් ගින්නට හේතුව පිපිරිමක්