විනීතා එම් ගමගේ
උමා ඔය ව්‍යාපෘතියේ බලපෑමට ලක්ව ඇති දික් අරාව ඇතුළු බණ්ඩාරවල ගම්මාන රැසක් විශාල නායයාමකට ආසන්නව පවතිතැයි පරිසර යුක්ති කේන්ද්‍රය කියයි.
බණ්ඩාරවෙල ප්‍රදේශයේ උමා ඔය ව්‍යාපෘතිය ආසන්න ප්‍රදේශවල නිවාස 7500 කට ආසන්න ප්‍රමාණයක් ඉරිතලා ඇති බවත් මේ නිවාස සහිත පෙදෙස් නාය යාමකට ලක්වුවහොත් විශාල විනාශයක් සිදුවිය හැකි බවත් පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා ලංකාදීපයට අද (08) පැවැසීය.
ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජය වහාම මැදිහත් විය යුතු බවත් අදාල ඉදිකිරීම් සමාගමට දොස් පවරමින් සිටීමෙන් මේ අවස්ථාවේ පලක් නොවන බවත් විතානගේ මහතා කීය.
මෝසම් වැස්ස ඇරඹුණු ඉකුත් 2 වැනිදා වැටුණු මිලි මීටර් හයක වැස්සෙන් පවා ඉරිතැලීම් විශාල පිපුරුම් බවට පත් වූ බවත් එසේ සිදු වූයේ පිපිරුම්වල වැසි ජලය එකතුවීමෙන් බවත් කී විතානගේ මහතා කුරුඳුගොල්ල දික්අරාව ප්‍රදේශවල කුඹුරු පවා පුපුරා ඇතැයි සඳහන් කළේය.
මීරියබැද්දේ වැනි විශාල විනාශයක් වීමට පෙර ඉවත් කළ යුතු ජනතාවට ආරක්ෂාකාරි තාවකාලික නිවාස ඉදිකර දී ඉක්මනින්ම ඔවුන් ඉවත් කළ යුතු බවත් එහි වගකීම ඇත්තේ ආන්ඩුව සතුව බවත් හෙතෙම වැඩිදුරටත් ස`දහන් කළේය.
2025 දෙසැම්බර් මස 16
28
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
826
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බණ්ඩාරවෙල ගම් රැසක නායයෑමේ තර්ජන