නිමන්ති රණසිංහ
 
කාන්තාවකට අයුතු අවහිරයක්  සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහාම අත්අඩංගුවට ගෙන අධීකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා කුරුදුවත්ත පොලිස් ස්ථානාධිපතිට නියම කළේය.


ඒ අනුව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ වන  දීප්ති බොගොල්ලාගම හා  දියණිය වු දිල්හානි බොගොල්ලාගම යන අය අත්අඩංගුවට ගෙන අධීකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග නිකුත් විය.


මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල කුරුදුවත්ත පොලිසියට සිදුකර තිබුණේ බෝගොල්ලාගම මහතාගේ පුත්‍රයාගේ බිරිඳ වු ගයාත්‍රී නිරංජනා සිරිවර්ධන යන අයයි.