IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බංගලාදේශයෙන් වැඩමවූ කේෂ ධාතු ඔක්තෝබර අන්තිම පාලටුවට

නිමල කොඩිතුවක්කු
 
බංගලාදේශයේ සිට කොළඹ 02 හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට වැඩම කෙරුණු කේෂ ධාතු සහ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා මාතර පාලටුව, එළඹකලාගොඩ ඛෙත්තාරාම පුරාණ විහාරස්ථානයේදී ලබන ඔක්තෝම්බර් මස 24 සහ 25 යන දෙදිනේදී  ජනතාවට ප‍්‍රදර්ශනය කෙරෙන බව ගංගාරාම විහාරාධිකාරි ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ අද(06) පැවසූහ.
 
හුණුපිටිය ගංගාරාමාධිපති කොළඹ නව කෝරළයේ ප‍්‍රධාන සංඝනායක ආචර්ය ගල්බොඩ ඥාණිස්සර නාහිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම ධාතන් වහන්සේලා ප‍්‍රදර්ශනයට  සමගාමීව වෙනත් ආගමික කටයුතු රැසක්ද   සංවිධානය කරන බව  උන්වහන්සේ පැවසූහ.
 
ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව සහ ආගමික කටයුතු සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරිමේ වැඩසටහනකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.
 
ධාතු ප‍්‍රධර්ශනය 24 වැනිදා උදෑසන 10.30 ට ආරම්භ කර 25 වනදා උදෑසන 11.00 දක්වා පැවැත්වීමට නියමිතය.
 
ඛෙත්තාරාම පුරාණ විහාරස්ථානයේ නව සංඝාවාස ගොඩනැගිල්ල සඟ සතුකොට පූජා කිරීමේ උත්සවය ඔක්තෝම්බර් 24 වැනිදා  පස්වරු 4.00 ට සිදුකරන බව කොළඹ 02 හුණුපිටිය ගංගාරාම  විහාරස්ත  ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාලයේ විදුහල්පති සහ මාතර පාලටුව, එළඹකලාගොඩ, ඛෙත්තාරාම පුරාණ විහාරස්ථ විහාරාධිපති  පාලටුව ජිනරතන හිමියෝ පැවසූහ.
 
විහාරස්ථානයේ වාර්ෂික කඨින මහා පූජෝත්සවය නායක ස්වාමීන්වහන්සේලාගේ ප‍්‍රදානත්වයෙන් සිදු කරන බවද උන්වහන්සේ එහිදි සදහන් කළහ.
 
එම අවස්ථාවට එක්වූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා මෙසේ ද පැවසීය.
 
‘‘මාතර ප‍්‍රදේශයට මෙය ඉතාම වැදගත් ආගමික උත්සවයක්. මෙම ආගමික වැඩසටහනින්  එම ප්‍රදේශයේ බෞද්ධ ජනතාවට විශාල සේවයක් වෙනවා. ගමේ පන්සල දියුණු කිරීමටත් අවශ්‍ය කටයුතු සලසලා තියෙනවා. බෞද්ධයන් විදියට මේ සම්බන්ධයෙන් අපේ අවධානය යොමු කරලා  ඒ අවශ්‍ය කටයුතු කරනවා.‘‘ යැයිද රුවන් විජයවර්ධන මහතා පැවසීය.

ඡායාරූප - ගයාන් අමරසේකර

 



අදහස් (0)

බංගලාදේශයෙන් වැඩමවූ කේෂ ධාතු ඔක්තෝබර අන්තිම පාලටුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site