ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (10) පැවැති නිදහස් කුසලාන තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 5 ක ජයක් අත්කරගත්තේය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 20 ක් අවසානයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 214 ක් ලබාගත්තේය. බංග්ලාදේශ පිල පන්දු 2 ක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක් දැවී ලකුණු 215 ක් ලබාගැනීමට සමත් විය.
තරගයේ වැඩිදුරටත් විස්තර දැනගැනීම සඳහා www.kelimandala.lk වෙත පිවිසෙන්න.
COMMENTS
ඕක තමා කියන්නෙ කිසිම දෙයක් අධි තක්සේරු කරන්න එපා කියල.
මාලිංග නැති එකේ පාඩුව ඉතා හොඳින් ඔප්පුඋනා.
අර්ජුනරණතුංග අය්ය මොකද කියන්නේ ?වැඩක් නැහැ අය්යෙ මේ පරිපාලකයෝ ඇමතිලා වෙනස් කරන්න ඕනේ නේද?.
සි සි සි එකට සෙල්ලම් කරනවා මාර බෝලර් කෙනෙක් ලසිත් මාලිංග කියල. මිනිහ ලොක්කොත් එක්ක එච්චර හොද නැහැ. නැත්තන් මේ මැච් එකටත් සෙල්ලම් කරලා අපිව දිනවනවා.
දැන් ශ්‍රී ලාංකික තරුණ පරපුර, ක්‍රිකට් ගහනවට වඩා ගල් සහ පෙට්රෝල් බෝම්බ ගහන්න දක්ෂය්.
ප්‍රතිවාදී කණ්ඩායමට කරට කර තරඟයක් දී පරාජය වීමද ජයග්‍රහණයකි. අපි ඔබ කණ්ඩායම වෙනුවෙන් ඔල්වරසන් නගමු..
කෝ මාලිංග, වේග පන්දු යැවීම් ඉතා දුර්වලයි.
අපේ කණ්ඩායම පන්දුවට පහරදීම ඉතාමත්ම හොදයි. නමුත් පන්දු යැවීම ගැනනම් කිසිම විදියකට සැහීමකට පත්වෙන්න බැහැ ඕවර 20කදි ලකුණු 215ක් නවත්වන්න බැරිනම් ඉතින් කියන්න තියෙන්නේ අපේ පන්දු යැවීම ඉතාමත්ම දුර්වලයි කියලා තමයි. මෙහම ගිහින් 2017 හිටිය ශ්‍රී ලංකා කණ්ඩායම බවටම පත්නොවේවා කියා අපි ප්‍රර්ථනා කරනවා.