IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පළාත් පාලන සංශෝධිත ගැසට්ටුව හෙට නිකුත් කරයි

රන්ජන් කස්තුරි
 
පළාත් පාලන ආයතන ගැසට් නිවේදනය නිකුත් කිරීමේ දී ආයතන 40 කට අදාලව සිදුවී ඇති මුද්‍රණ දෝෂ නිවැරදි කොට සංශෝධිත ගැසට් නිවේදනයක් හෙට (27)  නිකුත් කිරීමට පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යවරයා තීරණය කර තිබේ.   
 
එම පළාත් පාලන ආයතනවල  නම සඳහන් වීමේ දී හෝ ඒවාට අදාලව ග්‍රාම නිලධාරිවසම් නම් කිරීමේ දී සුළු ම්‍රද්‍රණ දෝෂ සිදුවී ඇති හෙයින් එම ආයතන 40 හි ඡන්දය පැවැත්වීමට බාධා මතුව තිබෙන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවැසීය. 
 
සංශෝධිත ගැසට් නිවේදනය නිකුත් වූ පසුව මැතිවරණ කොමිසමට එම ආයතන 40 ද ඡන්දය  පැවැත්වීමේ හැකියාව ලැබෙනු ඇතැයි ද ඔහු කීය. 
 
මැතිවරණ කොමිසම ඡන්දය පැවත්වීමට තීන්දු කර තිබෙන ආයතන 93 ට මුද්‍රණෙ දෝෂ සහිතව නම් වී තිබෙන ආයතන 40 ඇතුළත් නොවේ. 
 
මේ පිළිබඳව ලංකාදීපය කළ විමසුමක දී මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙක් පැවැසුවේ සංශෝධිත ගැසට් නිවේදනය නිකුත් කළහොත් එම පලාත් පාලන ආයතන 40 ද ඇතුළුව ආයතන 133 ක ඡන්ය පැවැත්වීමට පියවර ගන්නා බවය. 
 
මුළු පළාත් පාලන ආයතන සංඛ්‍යාව 336 ක් වේ.



අදහස් (2)

පළාත් පාලන සංශෝධිත ගැසට්ටුව හෙට නිකුත් කරයි

upul siriwardena Monday, 27 November 2017 02:35 AM

පුංචි ඡන්දය අලුත් ක්‍රමයට තියන්න .උසාවි ප්‍රශ්නේ නිසා පරණ ක්‍රමේ ගෙනාවනම් එය මහා අපරාධයක්. මෙපමණ කල් අලුත් ක්‍රමය ගේන්න වැය කරපු කාලය සහ මුදල් ගැන පාලකයෝ ජනතාවට වග කියනවද

:       0       26

arnold Monday, 27 November 2017 05:55 AM

මේකෙන් තේරෙන්නේ මෙයාලට වෙලාවට ගැසෙට් එකවත් නිවැරදිව ගහගන්න බැරි එක නේද? මෙයාල ව්‍යවස්ථාවක් ගැහුවොත් රටට දෙයියන්ගෙම පිහිට තමයි.

:       0       24

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 622 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1101 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site