ඩයනා උදයංගනී
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය වී ඇත්තේ මීළඟ පළාත් සභා මැතිවරණය සහ මහ මැතිවරණය නව ඡන්ද ක්‍රමය යටතේ පැවැත්විය යුතු බව යැයි එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.
පළාත් පාලන මැතිවරණය නව කොට්ඨාස හා සමානුපාතික මැතිවරණ ක්‍රමය යටතේ පවත්වා ඉදිරි මැතිවරණ යළිත් පැරණි මනාප ක්‍රමයට පැවැත්වීම සුදුසු නැතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.
මේ සම්බන්ධව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා අද (9) දිනයේදී පක්ෂ නායකයින් හා සීමා නිර්ණය කොමිසමේ සාමාජිකයින් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබූ බව ද ඇමතිවරයා කීවේය.
අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද (9) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නව ක්‍රමය නිසා ප්‍රා.සභා මන්ත්‍රී සංඛ්‍යාව 100% වැඩි වුනා, පළාත් සභාවත් ඒ තත්වයට පත් වුනොත් ඒ බරත් උසුලන්න වෙන්නේ අහිංසක මහජනතාවට. මහා ජනතාව ගැන හිතන කෙනෙක් මෙහෙම ප්‍රකාශ කරන්නේ නැහැ.
කොහොම හරි ගෙම්බෝ පන්නන්න පුළුවන් නේ...! අපි කොච්චර කිව්වත් වැඩක් නෑ.