(රවින්ද්‍ර විරාජ් අබයසිරි)
මාතලේ දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් සදහා නොමිලේ පාසල් උපකරණ ලබා දීමට මැතිවරණ නීතිරිති හමුවේ සිදු කළ නොහැකි බවට එම ජනතාව දැනුවත් කිරිමේ වැඩ සටහනක් අඹන්ගගකොරේදී අද (18)නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතාගේ සහභාගිත්වයෙන් සිදු විය.
දෙවැනි දිනටත් පොත් බෙදා දිමට නොහැකි වු නියෝජ්‍ය අමාත්‍යවරයා මැතිවරණ කොමිසමේ මැදිහත් විමෙන් අහිංසක දරුවන්ට පොත් බෙදා දෙන ලෙස ඉල්ලා සිටියි.
මාතලේ අඩු ආදායම් ලාභි පවුල් වල පාසල් සිසුන්ට පොත් බෙදා දිමට අද සුදානම් කර තිබුනත් එය ව්‍යවර්ථ විය.
මාතලේ දිස්ත්‍රික්කයේ අඩු ආදම්ලාභි පවුල්වල පාසල් සිසුන් වෙත 2018 වාර්ෂය සදහා පාසල් උපකරණ නොමිලේ ප්‍රදානය සිදුකිරිමට සුදානම් කර තිබුනත් මැතිවරණයක් සදහා නාමයෝජනා කැදවා තිබිම හේතුවෙන් එම භාණ්ඩ ප්‍රදානය නීතිවිරෝධි බැවින් එම කාර්ය සිදු නොකරන බවට ජනතාව දැනුවත් කිරිම සදහා අඹන්ගග පල්ලේතැන්න විද්‍යාලය අසල මෙම රැස්විම පැවැත්වු බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මා, ශ්‍රී ලාංකික විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලබා, ප්‍රශ්චාත් උපාධිය ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයකින් ලැබුවෙමි. මා උපතින් දුප්පත් පවුලකින් පැමිනෙන්නෙකි. මාගේ දෙමව්පියන්ට අමතරව, මා හට අධ්‍යාපනයට වියදම් කලේ, දුප්පත් ජනතාවයි. ඔවුන් පරිභෝජනය කරන සියලු දේ වෙනුවෙන් ඔවුන් වෙළඳාම් බද්දක් (අද වැට් කියන) ගෙව්වෙමු. රැකියාවක් කරන බොහෝ දෙනා අදායම් බද්දක් (අද පේයී කියන) ගෙවීමු. ඒ මුදල් වලින් කොටසක් දේශපාලකයන් කොමිස් ගැහුවත්, ජනතාවගේ මුදල් වැඩි පමාණයක් ශ්‍රී ලාංකික ශිෂ්‍ය පරපුරේ අධ්‍යාපනයටත්, වෙනත් සහනාධාර වලටත් භාවිතා විය. උපාධි ප්‍රදානෝත්සවයට දේශපාලකයෝ පැමිණ දේශනා තබා, ඔවුන් අධ්‍යාපන කටයුතු වලට "උදව්" කල බවට වහසිබස් දෙසීමට එකල විශ්ව විද්‍යාල පාලකයන් ඉඩ දුන්නේ නැත. ආවානම්, උපාධි ලාභීන්ගෙන් හොද "හූ" සංග්‍රහයක් ලැබෙනු ඇත. දුප්පත් සිසුන්ට පාසල් උපකරණ ලබා දීමට ලක්ෂ්මන් පෙරේරා ඇමතිතුමාගේ සහභාගිත්වය කොහෙත්ම අවශ්‍ය නොවේ. අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පරිපාලන නිලධාරීන් සහ පාසල් ප්‍රධානීන් එය හොඳින් ක්‍රියාත්මක කරනු ඇත. නැත්නම් සිදුවනුයේ, "ණය කන්ද" ගෙවීමට මුදල් අවශ්‍ය බවත්ය.
රටේ "සංවර්දන" කටයුතු වලට මුදල් ඕනැයි කියා, මහා බැංකුව හොරකම් කර, එම මුදල් වලින් කොළඹ නගරයේ සුපිරි තට්ටු නිවාස පෞද්ගලික පරිහරණයට මිලදී ගැනීමත්, රටේ තිබෙන සහල් වලින් මධ්‍යසාර සැදීමත්, දේශපාලන ප්‍රචාරය සදහා මාධ්‍ය "බිස්නස්" එකට යොමුවීමත්ය.
අඩු ආදායම්ලාභි පවුල්වල පාසල් සිසුන් පිළිබඳව පුදුමාකාර සෙනෙහෙබර ආදරයක්නේ මේ හාදයන්ට තියෙන්නේ. මීට පෙර මේ මිනිසුන් ගැන මේ උන්දැලාට මතක නැතිව ඇති නොවැ නේද?
ඉතින් ඕකට දේශපාලකයෝ අවශ්‍ය නැහැ. රජයේ අධ්‍යාපන බලධාරීන්ට පොත් බෙදාදීම කරන්න පුළුවන් පාසල් මට්ටමින් ....
බල්ලාගේ වැඩේ කිරීමට බූරුවෙක් මොකටද? මේ අයට නීතියානුකූලව වැඩ කරලා පුරුද්දක් නැහැනේ.
හැම එකටම මොකටද දේශපාලකයෙක් දා ගන්නේ? අද ඉන්න නිලධාරින් පවා හෙන්චයියන් වෙලා තියෙන හැටියක්.
පොත් ටික ගමේ පන්සලට යවන්න. සරලව අවශ්‍ය තැනට පොත් ටික ලැබෙයි.පුදුම ආදරයක් නේ තියෙන්නේ ඡන්දෙ දවස් වලට. දැන් හෝ ගාල පාරවල් කොන්ක්‍රීට් කරන ඒවා ,තාර දාන ඒවා සිදුවෙනවා.අපිට ආදරේට වෙන්න.
නිකන් මෝඩ වැඩ කරන්න එපා මහත්තයෝ. බොරු සෝබන...දෙන්න ඕනේ නම් ඡන්දෙන් පස්සේ දෙන්නකෝ........