( මුදිතා දයානන්ද)
පාසල් යවන වයසේ සෑම දරුවකුටම සුදුසු පාසලක් ලබාදීමට නොහැකි නම් දරුවන් හැදීම වළක්වන්න වඳ බෙහෙත් ලබාදෙන්නැයි බස්නාහිර පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී යසපාල කෝරළගේ මහතා අද(17) බස්නාහිර පළාත් සභාවේදී ඉල්ලා සිටියේය.
කෝරලගේ මහතා කියා සිටියේ හොරණ අධ්‍යාපන කලාපයේ පාසල් 8ක් පවතින අතර එයින් පාසල් දෙකක් මධ්‍යම රජයට අයත් වන බවත් ඉතිරි පාසල් සියල්ල අයත් වන්නේ බස්නාහිර පළාත් සභාවට වන අතර එයින්ද හෑගල්ල ප‍්‍රාථමිකයට පවතින්නේ පළමු වසර එක් පංතියක් පමණක් බවයි. තවමත් 2017 වසරේ පාසලක් නොලැබුණ දරුවන් පිරිසක් හොරණ කලාපයේ සිටින බවද ඔහු පැවසීය.
පළාත් සභාවට අයත් පාසල් හයේම පවතින්නේ පළමු වසර පංති කාමර විසිඅටක් වන අතර පසුගිය වසර දෙකක කාලය තුළ එක් පංතිකාමරයක සිටිය යුතු සිසුන්ගේ ප‍්‍රමාණය 45 සිට 39 දක්වා අඩුකිරීම නිසා විශාල සිසුන් සංඛ්‍යාවකට පාසලක් නොමැති තත්වයක් උද්ගතව ඇති බවත් පංතියක සිසුන් ප‍්‍රමාණ්‍ය අඩුකිරීම කළ යුත්තේ එයින් හැලෙන සිසුන් සඳහා නව පංති කාමරයක් ලබාදීමෙන් වුවත් ඒ පිළිබඳව වගකිව යුත්තන්ගේ අවධානය යොමුව නැති බවත් කෝරළගේ මහතා පැවසීය.
COMMENTS
රෝහින්යා නෙමෙයි නේද? ශ්‍රී ලංකික නේද? එක තමයි තම පාසලක් නැත්තේ...මේක තමයි යහ පාලනය සහ සහජීවනය.
මේ කතාව හරියටම හරි. අඩුම තරමේ තමන්ගේ නිවස අසල පාසලවත් ළමයෙක්ට ලැබෙන බවට තහවුරු කරන්න. දැන් ඒකත් නැහැ!
මිට දශක පහ හයකට පෙර දෙමාපියන් ඉල්ලුවේ අපේ ගමට පාසලක් ලබාදෙන්න කියා. දැන් ඉල්ලන්නේ මගේ ළමයට අසවල් පාසැල ලබාදෙන්න කියා ගැටලුව තිබෙන්නේ ඔන්න ඔතනයි.. විසදුමක් වශයෙන් පේනවා ඉල්ලුම ඇති පාසල්වල පන්තිකාමර වැඩිකලහම ප්‍රශ්නය විසදෙනවා කියා. නමුත් තවත් ප්‍රශ්ණ පැනනගිනවා.
මෙවන් තත්වයන්ට විසඳූම රටේ වන්ද්‍යාකරන සැත්කම් නම් රට මෙවන් තත්වයට තල්ලු කල දේශපාලකයන්ට එල්ලුම් ගස හිමිවිය යුතුයි.
මේ කතාවෙන් මට පෙනෙන දෙය නම් මෙතුමාගේ දැනුමේ තරම තමයි.
මෙම ප්‍රශ්න බොහෝමයකටම මුල කාලයක් තිස්සේ මෙතුමා වැනි දේශපාලකයන් විසින් රට පාලනය කිරීමයි.
ඇයි වෙන මොකක්වත් එපාද?