(විනීතා එම්.ගමගේ)

වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ මගින් මුද්‍රණය කළ පෝස්ටරයක් අලවමින් සිටි තරුණයන් දෙදෙනකු බොරැල්ල නගරයේ දී අත් අඩංගුවට ගෙන රඳවාගෙන සිටීම තරයේ හෙළා දකින  බව එම පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

තම පෙරමුණ මඟින් මුද්‍රණය කළ පෝස්ටර්වල සඳහන් වූයේ ‘‘ගරු ඉන්දීය අගමැති තුමනි එට්කා අප මත බලෙන් නොපටවන්න,  (Dear PM of India, Don’t force ETCA on us) හා ‘‘ගරු ඉන්දීය අගමැතිතුමනි කරුණාකර ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට ගරු කරන්න”  (Dear PM of India" Please respect for Lanka’s sovereignty) යන පාඨ බවත් ඒවා කොළඹ නගරයේ අලවමින් සිටි දෙදෙනෙකු බොරැල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන ඇති බවත් වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ ලේකම් ලසන්ත වික්‍රමසිංහ මහතා ගේ අස්සනින් යුතුව නිකුත් කොට ඇති එම  නිවේදනයේ සඳහන් වේ.

මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී, මර්දනකාරී ක්‍රියාව තරයේ හෙළා දකින බවත් අදහස් ප්‍රකාශ කිරීමේ මූලික අයිතිවාසිකමට ගරු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද එහි සඳහන් වේ.