(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කෝටි එකහමාරකට අලෙවි කරන්නට ගිය පසිංගල් වර්ගයේ මැණික් ගලක් බ්‍රෝකර්වරයකු ලෙස පෙනි සිටි අයෙකු විසින් සූක්ෂම ලෙස කළු ගලකට මාරු කර මුදල්ද නොදී පලාගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය පවසයි.
මැණික් ගලේ හිමිකරු වසර දෙකහමාරක් තිස්සේ එය අලෙවි නොකර ළඟ තබාගෙන ඇත්තේ වැඩි මිලකට අලෙවි කිරීමටය.එහි වටිනාකම කෝටි හතරක් පමණ වන බවත් කෝටි එක හමාරකට මිලදී ගැනීමට විදේශිකයකු සූදානම් බව පවසමින් පැමිණි පුද්ගලයකු මැණික් ගල විකිණීම සඳහා ගල්කිස්සට පැමිණෙන ලෙස දැන්වූ බවත් අත්තිකාරම් ලෙස ලක්ෂයක් ලබා දුන් බවත් පැමිණිලිකරු පොලිසියට ප්‍රකාශ කර ඇත.
ගල්කිස්සේදී තැරැව්කරු හමුවු ව්‍යාපාරිකයා මැණික් ගල ඔහුට පෙන්වා ඇත.“එය විදේශිකයාට නිකම්ම දෙන එක හරි නැහැ“යැයි පවසා පොඩි පෙට්ටියකට දමා එහි තැරැව්කරුගේ අත්සනද යොදා ඇත.
විදේශිකයා සමග පැමිණෙන තුරු ඉන්නැයි පවසා එම පෙට්ටිය ව්‍යාපාරිකායට ලබා දී තැරැව්කරු ගිය නමුත් ආපසු නොපැමිණි බව ව්‍යාපාරිකයා පොලිසිය ප්‍රකාශ කර තිබේ.
පෙට්ටිය විවෘත කර බැලූ පසු කළුගලක් තිබූ බව ද පැමිණිල්ලේ සඳහන් වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ පහත් වැඩ කරලා හම්බකරන්නේ අවුරුදු 70ක් ජීවත් වෙන්න බව මතක තියා ගන්න ඕනේ. හොරකම් කළ මිනිහට ඒකෙ විපාක හම්බෙන්නේ මුකුත් කර ගන්න බැරි වයසට ගිය කාලේ. මම ඒක හොඳට දැකල තියෙනවා. රජවරු සිටුවරු වගේ ජීවත් වෙලා හිඟන්නන් වගේ මැරිල යනවා. ශාපලත් සල්ලි වලින් මිනිස්සු සැනසිල්ලේ ජීවත් වෙන්නේ නෑ කවදාවත්.