(ඉන්දිකා රාමනායක)
පාස්කු දා මඩකළපුව සියෝන් දේවස්ථානයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණියක අද දහවල් මියගොස් ඇත.
කිලිවෙඩ්ඩි 8 වැනි පටුමඟ පදිංචිව සිටි උමා ශංකරී (22) නැමැති තරුණිය මෙසේ මිය ගොස් තිබේ.
COMMENTS
නොමිනිස් බලලෝභය.. වෙනුවෙන් රටේ ආරක්ෂාව පාවාදුන් වචනයකින් හෝ මේ මහා පාපකර්මයට සම්බන්ධ වුනු සියලුම පාපතරයන්ට සාප වේවා!!! මේ දරුවාට නිවන්සුව අත්වේවා !!! තාත්තා පල්ලි යන්න එපා කියූ මුසල ඇමතියාට අපගේ මෙම අදහස් කියවීමට හැකි වේවා!!!
ඔලමොට්ටල නායකයෝ මහලොකු සාධාරණ සමාජයක් හදන්න වලිකනවා කිව්ව කේවට්ට මහදුරන්ගේ අනුවන උපදෙස් හිස් මුදුනින් පිළිඅරගෙන සැබෑ නිවැරදි උගතුන් දුන් උපදෙස් උපහාසයෙන් පසෙකලා දාම් ඉත්තෝ මාරු කරන තාලෙට බුද්ධි අංශ ප්‍රධානින් මාරු කරලා ඉවත් කරලා මුළු ආරක්ෂක පද්ධතියම අවුල් කරලා අන්තිමට අදාල තොරතුරු වට්සැප් පණිවුඩ වලින් යවන මට්ටමට පත් කරවල මහා විනාශයක් කරන්න වැඩ සලස්වල දැන් මොනවා කිව්වත් කෙරුවත් ජනතාවගෙන් නම් සමාවක් කවදාවත් ලබන්න බැහැ.
ලංකාවේ මේ වනවිට තිබෙන රජයේ සෞඛ්‍ය සේවය ගැන පුදුම හිතෙනවා. අප්‍රේල් 21 ප්‍රහාරයෙන් තුවාල ලැබූ මීගමුවේ කාන්තාවක් ඇතුළත් කරලා තිබුනේ ගාල්ලේ කරාපිටිය රෝහලට, යාලදී දියේ ගිලුණු කාන්තාවක් ඇතුලත් කරලා තිබුනේ අම්පාර රෝහලට, මඩකලපුවේ දී තුවාල ලැබූ තරුණිය රාගම රෝහලට ඇතුල් කරලා. පසුගිය යුද්දේ කාලේ වගේ දවසට සිය ගණන් තුවාල වුණා නම් මොනවා කරයිද කියලා හිතා ගන්නවත් බැහැ.
අපගේ බලවත් කනගාටුවට ඔබට නිවන් සුව
ඔබට නිවන් සුව යෙහෙළිය ..! මෙවන් පාපතර පාලකයන් ඉන්නා රටක යලි උපන්දින්න නම් එපා..
සාටකයන් මේවාට වගකියන්න ඕනේ ..
එල්ටීටීයේ අන්තිම කාලේ ආණ්ඩුව මොනතරම් කාර්යක්ෂම විදියට මේ දේවල් පාලනය කළාද? දවසකට කීදෙනෙක් ඉස්පිරිතාලවලට ඇතුළත් කළාද? මේ ආණ්ඩුව ඇවිත් කුණුකඳු කඩා වැටිලත් කළමනාකරණය කරගන්න බැරිවුණා. මේකට තමයි කියන්නේ නායකත්වය කියලා... ලංකාවේ මිනිස්සුන්ට හොඳ නායකයෝ අඳුරගන්න බැහැ.
පාස්කු දා ප්‍රහාරයෙන්??? ඒ මොකක්ද, අපිට මතක නැනේ
කවුරු කවුරුත් නිදොස් වෙලා, කිසි කෙනෙක් වග කියන්න නැහැ. කවුරු කවුරුත් අනුන්ට ඇගිලි දික් කරමින් සතුටින් ඉන්නවා. තවත් අහිංසකාවියක් තම ජීවිතයෙන් වන්දි ගෙවා අවසන්.
මොකක්ද මේ පාස්කු ප්‍රහාරය? අපි දන්නේ නැහැනේ